Home » දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව සෙනසුරාදාත් විවෘත වෙයි

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව සෙනසුරාදාත් විවෘත වෙයි

by yasara
November 26, 2024 9:58 am 0 comment

ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන සෙනසුරාදා (30) දිනයේද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් එලෙස ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව සියලු ආදායම් වාර්තා එනම් සංස්ථාපිත ආදායම් බදු, තනි පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ලබාදිය යුතු වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT