Monday, April 21, 2025
Home » පළාත් කිහිපයකට තද වැසි – කාලගුණයෙන් රතු නිවේදනයක්

පළාත් කිහිපයකට තද වැසි – කාලගුණයෙන් රතු නිවේදනයක්

by chanaka
November 26, 2024 8:06 am 0 comment

weather

ඉතා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, උතුර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.

ඊයේ (25) උදෑසන 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතයන වාර්තා වන්නේ, අම්පාර ලාහුගල ප්‍රදේශයෙනි.

එම අගය මිලිමීටර් 191 කි.

අම්පාර, මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා විය.

මිලිමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වන්නේ, අම්පාර දමන ප්‍රදේශයෙනි.

මේ අතර අධික වැසි සමග මාදුරුඔය මහා ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.

අධික වැසි සමග දිස්ත්‍රික්ක 9කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT