Monday, April 21, 2025
Home » ත්‍රිරෝදය විදුලි කණුවේ ගැටී පුද්ගලයෙක් මරුට

ත්‍රිරෝදය විදුලි කණුවේ ගැටී පුද්ගලයෙක් මරුට

by thanushika
November 25, 2024 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

ත්‍රිරෝද රථය විදුලි කණුවක ගැටී පුද්ගලයකු මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර, විලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී රවීන්ද්‍ර අබේරත්න නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි.මියගොස් ඇති තැනැත්තා වස්කඩුව කන්දේ පන්සල පාරේ සිට කළුතර තිස්ස ජාතික පාසල දෙසට පැමිණීමේදී රථය පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් විදුලි කනුවේ ගැටී ඇති බව පොලීසිය කීය.

බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් ආර්.එම්. අජිත් (8411) පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT