Home » අලුත්ගම අවිධිමත්ව බැහැරලූ කුණු දෑතින්ම පිරිසුදු කරන විදේශිකයෙක්

අලුත්ගම අවිධිමත්ව බැහැරලූ කුණු දෑතින්ම පිරිසුදු කරන විදේශිකයෙක්

by thanushika
November 25, 2024 1:00 am 0 comment

අලුත්ගම -තුසිත කුමාර ද සිල්වා

ශ්‍රී ලංකාවට ආදර්ශවත් විදෙස් ජාතිකයකු අලුත්ගම පොලිස් වසමට අයත් මුල්ලපිටිය පාලම අසලදී දැකගත හැකි විය.

එම පාලම ආසන්න ප්‍රධාන මාර්ගයේ කාලයක් මුළුල්ලේ විවිධ පුද්ගලයන් අවිධිමත්ව බැහැර කර තිබූ කැළකසළ ගොඩක් ඉවත් කර පිරිසුදු කිරීමට මෙම විදෙස් ජාතිකයා පියවර ගෙන තිබිණ. අලුත්ගම පොලිස් බලප්‍රදේශය හා බේරුවල පොලිස් වසම වෙන් කෙරෙන මායිමේ තිබෙන මුල්ලපිටිය පාලම අසල මෙලෙස විවිධ පුද්ගලයන් අවිධිමත්ව බැහැර කර තිබූ කසළ මෙම විදේශිකයා ඔහුගේ දෙඅත්වලින්ම ඉවත් කළ අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණ.

මේ පිළිබඳ එම සංචාරකයා සඳහන් කළේ “මෙතැන අනවසරයෙන් කැළිකසළ බැහැර කරලා අපිරිසුදු කරපු තැනක්. බෝතල් වීදුරු , ඉවතලන පැම්පස්, ප්ලාස්ටික් වගේම මුළුතැන්ගෙයින් ඉවත් කරන දේවල් බහුලව තිබෙනු දින කිහිපයක් තිස්සේ මම දැක්කා. මම කලක පටන් මේ කිට්ටුව පදිංචි වෙලා ඉන්නේ. මෙම ස්ථානයේ අපිරිසුදු බව ගැන හිතලා මම අද උදෑසන පිරිසුදු කරන්න පටන් ගත්තා. ඒක දැකපු යාබද වෙළෙඳසලේ කාන්තාවත් පැමිණ මට උදව් කළා. දැන් මේ මගේම රට. මේ වගේ වැඩ කරන අය ලැජ්ජ විය යුතුයි.” යැයි කියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT