නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එකක් සඳහා තමා නම් කිරීමට එම පෙරමුණ පියවර ගත්තේ පක්ෂ සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුකූලව බව ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. තමා මේ මන්ත්‍රීධුරයට පත් කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය කිසිදු විරෝධයක් දක්වා නැති බවත්, විරෝධය දක්වමින් තිබෙන්නේ පුද්ගලයන් දෙදෙනකු පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
කොළඹදී පෙරේදා (24) මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත්ව සිටි බවයි. එක්සත් ජාතික පාක්ෂිකයකු වන තමාට මේ මන්ත්‍රීධුරය හිමි වීම පිළිබඳ සියලු පාක්ෂිකයන් සතුටු විය යුතු බවද, ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව පක්ෂය අලුත් ප්‍රවේශයක් වෙත ගෙන යන බවද රවී කරුණානායක මහතා මෙහිදී සඳහන් කළේය.