ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන ඉදිරියේදී දැනුම් දෙන බවත්, ඒවා නිසි ක්‍රමවේදයට සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුදයක් නැති බවත් සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (23) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
හරියට කතා කළොත් පසුබෑමකට ලක්වූ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ වගකීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් මේ ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රීන්ගේ හැසිරීම් ගැන නිගමනයකට ආ හැක්කේ රටේ ජනතාවට බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය. එසේම සමඟි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බවත් එය පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නැති බවත් මේ ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි බවට එකතු විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.