Monday, April 21, 2025
Home » වාර්තාගත ජනවරමක් ලැබූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කර වාර්තා තැබීමයි

වාර්තාගත ජනවරමක් ලැබූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කර වාර්තා තැබීමයි

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි

by thanushika
November 25, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ
විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත යන ඇමැතිව­රුන් ඇතුළු පිරිස මල්වතු මහ­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ බැහැ­දැක ආශී­ර්වාද ­ගත් අව­ස්ථාව. ඡායා­රූ­පය - රුවන් මීග­ම්මන

පසුගිය පාලන කාලය තුළ රටේ සිදු වූ දේවල් හොඳින් දැනසිටි මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයට වාර්තාගත ජයග්‍රහණයක් ලබා දී තිබෙන බවත් පත් වූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කිරීමෙන් වාර්තා තබා පෙන්වීමේ අභියෝගය බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

මෙයට පෙර කිසිදු පක්ෂයකට රටේම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වූ බවත් මෙවර එම තත්ත්වය ද වෙනස් කරමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට උතුරේ ජනතාව ද දායක වී තිබෙන බවත් උන් වහන්සේ කීහ.

මල්වතු මහනාහිමියෝ එසේ පැවසුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරු හා ජාතික ජන බලවේගය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායම 21 වැනිදා පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදීය.

එහිදී මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ මෙසේ ද පැවසූහ.

“ශ්‍රමදානයට මේ රටේ බහුතර ජනතාව සම්බන්ධ වී තිබෙන බව ප්‍රතිඵල අනුව පේනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ක්ම ජයග්‍රහණය ඔබලාට ලබා දී තිබෙනවා. ජනතාව මේ ආකාරයෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ විශාල බලාපොරොත්තු කන්දරාවක් සමඟයි. ඒවා ඉටු කිරීමේ වගකීම තමයි දැන් ආණ්ඩුව ඉදිරියේ තිබෙන්නේ. සියලු දෙනා ඒ සඳහා කැපවිය යුතුයි. වන සත්ත්ව හානි නිසා ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත් වෙලා. විශේෂයෙන් රිළවු හා වන අලි නිසා සිදුවන හානිය විශාලයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.”

අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

“අපි අපේක්ෂා කළාටත් වඩා විශාල ජයග්‍රහණයක් ජනතාව අපට ලබා දී තිබෙනවා. රටේම ජනතාව මේකට දායක වුණා. විදේශ රටවල සිටින ජනතාවත් විශාල දායකත්වයක් මේ සඳහා ලබා දුන්නා. ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අපට ලබාදුන් ආශීර්වාදය අපිට විශාල ශක්තියක් වුණා. දැන් අප කැපවන්නේ මේ රටේ ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරමින් වැඩ කරන්නයි.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර හර්ෂණ දිසානායක, රියිස් ෆාරුක්, තුෂාරි ජයසිංහ, පස්මින් ෂරීෆ්, ජාතික ජන බලවේගයේ විධායක සභික, මහනුවර සංවිධායක චන්ද්‍රසිරි විජේනායක, ආනන්ද විජේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT