Home » චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමු වෙති

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමු වෙති

by thanushika
November 25, 2024 1:00 am 0 comment

චීන කොමියුනිස්ට් පර්ෂදයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (24) හමු වූවාය.

මේ රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැඟෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය මේ හමුවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT