Home » ‘මිස්ටර් වර්ල්ඩ්’ කිරුළ පුවර්ටෝ රිකෝ රාජ්‍යයට සම්මාන ද්විත්වයක් දිනූ මේඝ සූරියආරච්චි

‘මිස්ටර් වර්ල්ඩ්’ කිරුළ පුවර්ටෝ රිකෝ රාජ්‍යයට සම්මාන ද්විත්වයක් දිනූ මේඝ සූරියආරච්චි

අවසන් 10 දෙනා අතරට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

by manjula
November 25, 2024 12:56 am 0 comment

ලෝක රූ රැජන තරගයට සමගාමීව එම සංවිධානය විසින් පවත්වනු ලබන ‘මිස්ටර් වර්ල්ඩ්’ කඩවසම් තරුණයා තරගයේ කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ ඩැනියෙල් මෙජියා සමත් වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගයට ඉදිරිපත් වූ මේඝ සූරියආරච්චි ජනතාවගේ තේරීම සම්මානය අත්කර ගැනීමට සමත් වූ බව එම වෙබ් අඩවිය වාර්තා කළේය.

මීට අමතරව ඔහු තරගයේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානයත් දිනාගත් බව මිස්ටර් වර්ල්ඩ් වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන එම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානයට පාත්‍ර වීමත් සමඟ මේඝ සූරියආරච්චි මෙවර තරගයේ හොඳම 10 දෙනා අතරට එක්වූ බවද වාර්තා වේ. මිස්ටර් වර්ල්ඩ් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකු අවසන් 10 දෙනා අතරට එක්වූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ. වියට්නාමයේ නෝවා වර්ල්ඩ් මධ්‍යස්ථානයේ පැවති අවසන් තරගයට 60 දෙනකු ඉදිරිපත් වී සිටි බවත්, එහිදී පළමු අනුශූරතාව වියට්නාමයට සහ දෙවැනි අනුශූරතාව ස්පාඤ්ඤයටත්, තුන්වැනි අනුශූරතාව ඇංගෝලාවටත් හිමිවූ බව වාර්තා වේ. 1996 වසරේදී ආරම්භ කළ ‘මිස්ටර් වර්ල්ඩ්‘ තරගය මෙවර පැවැත්වූයේ 11 වැනි වරටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT