Home » නෙතන්යාහුගේ ජාත්‍යන්තර වරෙන්තුව බ්‍රිතාන්‍යයේදීත් වලංගුයි

නෙතන්යාහුගේ ජාත්‍යන්තර වරෙන්තුව බ්‍රිතාන්‍යයේදීත් වලංගුයි

by manjula
November 25, 2024 12:50 am 0 comment

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඔහුට බ්‍රිතාන්‍ය භූමියට ඇතුළුවිය නොහැකි බවත්, එසේ වුවහොත් ඔහු අත්අඩංගුවට පත්වනු ඇති බවත් බ්‍රිතාන්‍යය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව පිළිබඳ හෝ එම නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති ලන්ඩන් නුවර අංක 10 අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයකු වන බැවින් එම නීතිමය බැඳීමට අනුව කටයුතු කළ යුතු බවය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ අතර, අමෙරිකාව සහ ඊශ්‍රායලය හැර බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 124ක් එහි සාමාජිකත්වය දරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT