Home » අමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි ‘හැක්’ කිරීම පිළිබඳ සෙනෙට් අධිකරණ අනුකමිටුවෙන් පරීක්ෂණ

අමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි ‘හැක්’ කිරීම පිළිබඳ සෙනෙට් අධිකරණ අනුකමිටුවෙන් පරීක්ෂණ

by manjula
November 25, 2024 12:47 am 0 comment

අමෙරිකාවේ ටෙලිකොම් සමාගම් ඇතුළු එරට රාජ්‍ය ආයතන රැසකට වෙබ් අඩවිවලට චීන ඔත්තු නිලධාරීන් අනවසරයෙන් ඇතුළු වූ බවට සැක කෙරෙන සිදුවීමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට අමෙරිකාවේ සෙනෙට් අධිකරණ අනුකමිටුව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ තාක්ෂණ ගැටලු අධීක්ෂණය කරන එම අනුකමිටුව මේ පියවර ගෙන ඇත්තේ රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවීම එරට ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික ආරක්ෂාව සහ ආර්ථිකයට බලපෑම් එල්ලවීමේ අවදානම සැලකිල්ලට ගෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම සහායකයකු ලෙස කටයුතු කරන බැවින් ඔහුට අයත් විදුලි මෝටර් රථ නිෂ්පාදනය කරන ටෙස්ලා සමාගම චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රධානතම ප්‍රතිවාදියා වීම හේතුවෙන් එරට රජයේ ආයතන වෙබ්අඩවිවලට අනවසරයෙන් ඇතුළුවීමේ සිදුවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකානු රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමට සහ ෆෙඩරල් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අලුතින් ස්ථාපිත කළ රජයේ කාර්යක්ෂමතා පිළිබඳ දෙපාර්තමේන්ටතුවේ සම ප්‍රධානියා ලෙසත් එලෝන් මස්ක් පත් කිරීමට පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT