Home » සුන්නි – ෂියා බැතිමත්හු පාකිස්තානයේදී ගැටෙති

සුන්නි – ෂියා බැතිමත්හු පාකිස්තානයේදී ගැටෙති

82ක් මරුට - තවත් 156කට තුවාල

by manjula
November 25, 2024 12:46 am 0 comment

වයඹදිග පාකිස්තානයේ සුන්නි හා ෂියා ආගමික නිකායන්ට අයත් බැතිමතුන් අතර පැතිරී යමින් පවතින නව ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 82 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ගැටුම්වලින් තවත් පුද්ගලයන් 156 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර ගණනාවක් පුරා වරින්වර හිස ඔසවන පාකිස්තානයේ සුන්නි – ෂියා ගැටුම් යළි ආරම්භ වී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (21) පොලිස් ආරක්ෂාව යටතේ කුරම් දිස්ත්‍රික්කය ඔස්සේ ගමන් කරමින් සිටි ෂියා මුස්ලිම් ජාතිකයන් පිරිසක් රැගත් රථ පෙළකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි කුරම් දිස්ත්‍රික්කයේ දැඩි මතධාරී සුන්නි ජාතිකයන් එම ප්‍රහාරය සිදු කළ බවට චෝදනා කරමින් ෂියා ආගමික නිකායට අයත් කණ්ඩායම් ගැටුමට මැදිවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය දින තුනක් පුරා දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම්වලින් සුන්නි ආගමික නිකායට අයත් පුද්ගලයන් 16 දෙනකු සහ ෂියා ආගමික නිකායට අයත් පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් තහවුරු කර ඇතැයි ද, එම ගැටුම් සමථයකට පත් කරගැනීමට අදාළ දිස්ත්‍රික්කයේ බලධාරීන් සුන්නි හා ෂියා ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT