Monday, April 21, 2025
Home » මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

by chanaka
November 24, 2024 12:00 pm 0 comment

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට එම වාර්තා ඉදිරිපත් කළ යුතු වේ.

දේශපාලන පක්ෂ වෙනුවෙන්, පක්ෂ ලේකම්වරයා විසින් ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතුය.

ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් එම කණ්ඩායමේ නායකයා විසින් අදාළ වාර්තා ඉදිරිපත් කළ යුතු බව සඳහන්වේ.

ඒ අනුව මහ මැතිවරණ‍ අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇති සියලුදෙනා මැතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුය.

එම වාර්තා ලබාදීම පැහැර හැරීම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ගැණෙන වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT