Home » හෙට ඇරඹෙන උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙට ඇරඹෙන උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

by chanaka
November 24, 2024 12:05 pm 0 comment

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වේ.

ලබන මස 20 දා දක්වා එය පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,185කි. ඊට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්ය.

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමිවන්නේ නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT