Monday, April 21, 2025
Home » වඳුරු උණ ආසාදිතයින් ඉහළට – WHO විසින් අනතුරු ඇඟවීම්

වඳුරු උණ ආසාදිතයින් ඉහළට – WHO විසින් අනතුරු ඇඟවීම්

by chanaka
November 24, 2024 12:02 pm 0 comment

වඳුරු උණ (mpox) වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව බව සඳහන්වේ.

පවතින තත්ත්වය හමුවේ, mpox සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ස්වාධීන විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් පසුගියදා (22) ජිනීවාහි පැවති හමුවකදී මෙලෙස අනතුරු අඟවා ඇති අතර එය විශේෂ වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගෝස්තු මාසයේදී mpox ගෝලීය අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනකට පසුව යළි මෙලෙස සිහිකැඳවීම නිසාය.

නව වාර්තාවන්ට අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සහ අසල්වැසි රටවල මෙම වසරේ mpox රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප්‍රිකානු සංගමය ඔක්තෝබර් අවසානයේ අනතුරු අඟවා තිබුණේ, mpox ව්‍යාප්තිය තවමත් පාලනය කර නොමැති බවත්, එය COVID-19 ට වඩා දරුණු විය හැකි වසංගතයක් විය හැකි බැවින් වළක්වා ගැනීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් ලබාදෙන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT