Home » ජනපති අනුරගේ ජන්ම දිනය අදයි

ජනපති අනුරගේ ජන්ම දිනය අදයි

by chanaka
November 24, 2024 11:51 am 0 comment

ශ්‍රී ලංකාවේ 09වන වත්මන් ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24)යෙදී තිබේ.

අනුර කුමාර දිසානායක මහතා මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ග්‍රාමයේ 1968 නොවැම්බර් 24 වැනිදා උපත ලැබීය.

ඔහු මේ වන විට 56 වියේ පසුවේ.

1972 දී සිය පවුල සමඟ උතුරු මැද පළාතේ තඹුත්තේගම ගම්මානයට පදිංචියට ගිය ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා තිබේ.

ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිය අතර 1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් ව 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමට සමත් විය.

පසුව 1997 වසරේ දීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වු ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් විය.

1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලනයට ප්‍රවේශ විය.

ඉන් අනතුරුව 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක මහතා පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර 2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.

පසුව 2024 සැප්තැම්බර් මස 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඔහු ඔහු මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT