Home » රවිගේ නම මැති­ව­රණ කොමි­ස­මට දුන්නේ හිටපු ජන­පති රනිල්ට දැනුම් දී බව කියන කතා බොරු

රවිගේ නම මැති­ව­රණ කොමි­ස­මට දුන්නේ හිටපු ජන­පති රනිල්ට දැනුම් දී බව කියන කතා බොරු

හිටපු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන

by damith
November 23, 2024 1:03 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුර­යක් සඳහා රවි කරු­ණා­නා­යක මහ­තාගේ නම යෝජනා කර මැති­ව­රණ කොමි­ෂන් සභාව වෙත යවා ඇත්තේ හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට දැනු­ම්දී­මෙන් පසුව බව කෙරෙන ප්‍රකා­ශය සම්පූර්ණ අස­ත්‍ය­යක් බව එජාප සභා­පති, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බ­න්ධව කරුණු පැහැ­දිලි කර­මින් පසුගියදා (21) මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කළ ඒ මහතා, එහිදී වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කර ඇත්තේ මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නම් කරන අපේ­ක්ෂ­ක­ය­කුට ලබා­දී­මට එක­ඟ­ත්ව­යක් ඇති කර­ගෙන තිබූ බවට කෙරෙන ප්‍රකාශ ද පද­නම් විර­හිත බවයි. නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ සමඟ ඇති කර­ගෙන තිබූ එක­ඟ­ත්වය අනුව පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය නිම වීමෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් සඳහා අපේ­ක්ෂ­ක­යකු නම් කිරී­මට එම පෙර­මු­ණට කිසිම අයි­ති­යක් නැති බවද එවැනි තත්ත්ව­යක් යටතේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහ­ත්මිය ක්‍රියා කර ඇත්තේ අව­බෝ­ධතා ගිවි­සු­මට හා එක­ඟ­ත්ව­යට සම්පූ­ර්ණ­යෙන් පරි­බා­හි­රව බවත් වජිර අබේ­ව­ර්ධන මහතා විසින් නිකුත් කර ඇති එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ. එසේම එක්සත් ජාතික පාක්ෂි­ක­යෙකු වන රවි කරු­ණා­නා­යක මහතා සම්බ­න්ධව වින­යා­නු­කූ­ලව පිය­වර ගන්නා බවත් මේ සිද්ධිය පිළි­බ­ඳව සොයා­බැ­ලී­මට පත් කර තිබෙන කමි­ටුවේ වාර්තාව ලැබුණු පසු එම නිර්දේශ සම්පූ­ර්ණ­යෙන් ක්‍රියා­ත්මක කරන බවත් අබේ­ව­ර්ධන මහතා නිකුත් කළ එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT