Monday, April 21, 2025
Home » සන්ධාන නැතිව තනි පක්ෂ­යක් විදි­යට අප දිනූ මේ ජය­ග්‍ර­හ­ණය දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක්

සන්ධාන නැතිව තනි පක්ෂ­යක් විදි­යට අප දිනූ මේ ජය­ග්‍ර­හ­ණය දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක්

වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න

by damith
November 23, 2024 1:04 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

සන්ධාන නැතිව තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් ජය­ග්‍ර­හ­ණය නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් බවත් එය පක්ෂයේ පෞද්ග­ලික ජය­ග්‍ර­හ­ණ­යක් නොව, ජන­තාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් බවත් වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා ප්‍රකාශ කළේය. ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණයේ විශේ­ෂත්ව ගණ­නා­වක්ම තිබෙන බව ද ඒ අනුව ප්‍රධාන වශ­යෙන්ම මෙතු­වක් කල් තට්ටු මාරු ක්‍රම­යක් ලෙස රටේ පැවැ­තුණු කොළ කඳ­වුර සහ නිල් කඳ­වුර බිඳ­වැ­ටුණු බවද සමන්ත විද්‍යා­රත්න මහතා අව­ධා­ර­ණය කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ, පසු­ගි­යදා මාධ්‍ය වෙත නිවේ­ද­න­යක් නිකුත් කර­මිනි.

එම නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් මෙසේ ද සඳ­හන් වේ.

මේක අපි ලැබූ ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක්. ලංකාවේ දේශ­පා­ල­නයේ නව යුග­යක් ආරම්භ වුණා. අවු­රුදු 76ක් තිබුණු දේශ­පා­ල­නය අව­සන් කර, නව සමාජ පෙර­ළි­යක් සිදු වුණා. අවු­රුදු 76ක් තට්ටු මාරු දේශ­පා­ලන ක්‍රම­යක් තමයි පව­ත්වා­ගෙන ආවේ. දැන් අපි මහ­ජන දේශ­පා­ල­න­යක් තමයි දකින්නේ. ජන­තා­වාදී දේශ­පා­ල­න­යක ආර­ම්භ­යක් වුණා. ඒක පසු­ගිය සැප්තැ­ම්බර් 21 වැනිදා ජනා­ධි­පති තේරී පත්වී­මෙන් ආරම්භ වෙලා මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක්ද සහි­තව ජන­තා­වාදී දේශ­පා­ල­නය ජය­ග්‍ර­හ­ණය කළා. ඒ සම්බ­න්ධව අපි අවං­කව සතුටු වෙනවා. මේ ජය­ග්‍ර­හ­ණයේ විශේ­ෂත්ව ගණ­නා­වක්ම තිබෙ­නවා. මෙතු­වක් කල් තිබුණු බල­ක­ඳ­වුරු ගණ­නා­වක්ම බිම වැටී තිබෙ­නවා.

ඒ වගේම උතුරේ ගත්තත් ද්‍රවිඩ සන්ධා­නය සැල­කිය යුතු පසු­බෑ­ම­කට ලක් වුණා. වතු­ක­රයේ ගත්තත් දිග­ම්බ­ර­ම්ලගේ, තොණ්ඩ­ම­න්ලාගේ කඳ­වුරු බිඳ­වැ­ටුණා. නැඟෙ­න­හිර ගත්තත් හකී­ම්ලාගේ, අතා­වු­ල්ලාගේ කඳ­වුරු බිඳ­වැ­ටුණා. නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් තමයි වුණේ. සන්ධාන නැතිව තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ජන­තාව එකතු කර ගත් ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස හඳු­න්වන්න පුළු­වන්. මේක පෞද්ග­ලි­කව අපි ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් නෙමෙයි ජන­තාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක්. මේ ජය­ග්‍ර­හ­ණයේ ගැඹුරු බොහෝ දේවල් තිබෙ­නවා. අර්ථ­යක් තිබෙ­නවා. පැරණි දේශ­පා­ල­නය මිනිස්සු බලා­පො­රොත්තු වෙන්නේ නැහැ. දේශ­පා­ල­නයේ නව පෙර­ළි­යක් සහ නව වෙන­සක් ජන­තාව බලා­පො­රොත්තු වෙනවා. ආර්ථි­කයේ වුණත් නව ගම­නක් බලා­පො­රොත්තු වෙනවා. සමා­ජය වුණත් නව ගම­නක් බලා­පො­රොත්තු වෙනවා. ජාතික ජන බල­වේ­ගයේ පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක් කියන ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය යටතේ ඒ දේ අපි තහ­වුරු කර තිබෙ­නවා.

ඒ ප්‍රති­ප­ත්ති­යට තමයි මේ රටේ ජන­තාව අපට වර­මක් දීලා තිබෙන්නේ. අපි ඒ ප්‍රති­පත්ති ඉදි­රි­යට ක්‍රියා­ත්මක කර­නවා. මාන­ව­වාදී සමාජ ක්‍රම­යක්, සමාජ ආර්ථි­ක­යක් සහ දේශ­පා­ලන ක්‍රම­යක් මේ රටේ ස්ථාපිත කර නව ගම­නක් අපි යන්න සූදා­නම්. මොකද අවු­රුදු 76ක විශාල ප්‍රශ්න ගණ­නා­වක් තිබෙ­නවා. ඒ දේවල් ක්‍රමා­නු­කූ­ලව විස­ඳන්න ඕනෑ. බෙදී, වෙන් වී මැති­ව­රණ කරපු කාලය දැන් ඉව­රයි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් ඉව­රයි. මහ­මැ­ති­ව­ර­ණ­යත් ඉව­රයි. අපි ඔක්කොම එකතු වෙලා, සමගි වෙලා රට ගොඩ­න­ඟන කාල­යයි දැන් එළ­ඹිලා තිබෙන්නේ. අපි තන­තුරු, තානා­න්තර බලා­ගෙන ආපු ගම­නක් නෙමෙයි. අපේ දේශ­පා­ලන ඉති­හා­ස­යෙන් ඒ බව දැන­ගන්න පුළු­වන්. මගේ ජීවි­තයේ පරා­ජ­යට පත් වීම් තමයි වැඩි අවස්ථා ගණ­නා­වක්ම තිබුණේ. ඒ දේව­ලුත් අපි පරා­ජය ලෙස භාර ගත්තේ නැහැ. ඒ දේවල් හමු­වේත් අපි අපේ කාර්ය­භා­රය රට වෙනු­වෙන් කළා. හෙට දවසේ පක්ෂය පව­රන්නේ මොකද්ද ඒ වග­කීම ඉටු කරන්න අපි සූදා­නම්.

අපේ එකම බලා­පො­රො­ත්තුව මේ රට ගොඩ­නැ­ඟී­මයි. ඒ සඳහා අපි කැප වෙනවා. 2022 වස­රේදී මේ සටන් පාඨය අපි පටන් ගත්තේ මහ­ජන අර­ග­ල­ය­කි­නුයි. ඒකෙදි ජන­තාව ගෙනාපු එක සටන් පාඨ­යක් තමයි පාර්ලි­මේන්තු එපා කියලා. 225 ම එපා කියලා තමයි අර්ථ ගැන්නුවේ. ජන­තාව ඒකෙන් සැල­කිය යුතු කොට­සක් සුද්ද පවිත්‍ර කර දුන්නා. ගාලු මුව­දොර ඇර­ඹුණු අර­ග­ලයේ ඉනිම තමයි දැන් ජය­ග්‍ර­හ­ණය කරන්නේ. සැප්තැ­ම්බර් 21 වැනිදා ජනා­ධි­පති ධුරය සුද්ද කර දුන්නා. පාර්ලි­මේ­න්තුව සුද්ද කර දුන්නා. තවත් සුද්ද කරන්න ඕනෑ තැන් ගොඩක් තිබෙ­නවා. තවත් කුණු ටිකක් තිබෙන්න පුළු­වන්. ඒ දේවල් ඒ අය විසින්ම සුද්ද වෙන්න ඕනෑ. නැති­නම් ඉදි­රි­යේදී සුද්ද වෙන්න පුළු­ව­න්ක­මත් තිබෙ­නවා. කොහොම වුණත් පළාත් සභාව සුද්ද පවිත්‍ර කර හදන්න ඕනෑ­කම තිබෙ­නවා. පළාත් පාලන ආය­තන පවිත්‍ර කර හදන්න ඕනෑ­කම තිබෙ­නවා. මේක රටම සුද්ද පවිත්‍ර කිරීමේ වැඩක්. මේ මොහොතේ අපට ඡන්දය නොදුන් ජන­තා­ව­ටත් තේරී පත්වුණ මන්ත්‍රී­ව­රුන්ට, තේරී පත් නොවුණු කණ්ඩා­ය­ම්ව­ලට ආරා­ධනා කර­නවා ජන­ම­ත­යට සහ ජන­ව­ර­මට එකඟ වෙලා රට ගොඩ­න­ඟමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT