Home » බලු සුර­තලා පසුපස දිවූ කිරි­ස­ප්පයා යකඩ යකුට බිලි

බලු සුර­තලා පසුපස දිවූ කිරි­ස­ප්පයා යකඩ යකුට බිලි

by damith
November 23, 2024 1:02 am 0 comment

පොල්පි­ති­ගම නන්දන කැලේ­ගම

සුර­ත­ල­යට ඇති කරන සුන­ඛ­යකු පසු­පස දිව ගිය අවු­රුදු 2යි මාස 2ක් වය­සැති පිරිමි දරු­වකු ගල්ග­මුව ප්‍රදේ­ශ­යේදී කොළඹ සිට කන්ක­ස­න්තුරේ බලා යන ශීඝ්‍ර­ගාමි දුම්රියේ ගැටී ඊයේ (22) පෙර­ව­රුවේ මවගේ ඇස් ඉදි­රි­යේම අවා­ස­නා­වන්ත අයු­රින් ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත.

මෙලෙස මර­ණ­යට පත්ව ඇත්තේ ගල්ග­මුව පොලිස් වසමේ බුදු­රු­ව­කන්ද ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි දරු­වන් තිදෙ­න­කු­ගෙන් යුත් පවුලේ බාල දරුවා වූ එම්. සෙජාන් හස­රංග නමැති දරු­වාය.

මේ නිවෙසේ සිට මීටර් 15ක් පමණ දුරින් උතුරු දුම්රිය මාර්ගය පිහිටා ඇති නිසා කුඩා දරු­වාගේ පැමි­ණීම වළ­ක්ව­මින් ආව­රණ වැටක් නිවෙසේ දොර­ටුව අසල ආර­ක්ෂා­වට තබා තිබි­ය­දීත් දරුවා එය පෙර­ළා­ගෙන ගොස් ඇතැයි තොර­තුරු වාර්තා වෙයි. දරු­වාද සමඟ වෙළෙ­ඳ­ස­ලට යෑමට මව සූදා­නම් වන අව­ස්ථාවේ ආව­රණ වැට පෙර­ළුණු ශබ්දය ඇසී, දරුවා දුම්රිය මාර්ගය දෙසට යන අයුරු දැක ඉව­තට ගැනී­මට දිව ගොස් ඇතත් ඒ සැණින් පැමිණි ශීඝ්‍ර­ගාමි දුම්රියේ දරුවා ගැටී ඇත.

හදිසි මරණ පරී­ක්ෂක පී.එච්.එස්. රණ­වීර මහතා ඉදි­රියේ ගල්ග­මුව මූලික රෝහ­ලේදී පශ්චාත් මරණ පරි­ක්ෂ­ණය සිදු කෙරිණි. අනු­රා­ධ­පුර හා මහව අතර දුම්රිය මාර්ගයේ අලුත් වැඩි­යා­වන් නිසා තාව­කා­ලි­කව නැවතී තිබුණු උතුරු දුම්රිය යළි ගම­නා­ග­ම­නය ආරම්භ වී, එහි උණු­සුම මැකී යන්නත් මත්තෙන් වැඩි­හිටි පර­පුරේ නොසැ­ල­කිල්ල නිසා මෙවැනි අවා­ස­නා­වන්ත මර­ණ­යක් වාර්තා වී ඇතැයි හදිසි මරණ පරී­ක්ෂ­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් අප සමඟ පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT