Monday, April 21, 2025
Home » තිදරු පියාගේ සිරුර රෝහ­ලෙන් ගෙනැ­විත් භූම­දා­න­යට ගමයි පන්ස­ලයි මැදි­හත් වෙයි
බේත්-හේත්ව­ලට මුළු සේස­තම දිය වෙලා

තිදරු පියාගේ සිරුර රෝහ­ලෙන් ගෙනැ­විත් භූම­දා­න­යට ගමයි පන්ස­ලයි මැදි­හත් වෙයි

වළ සැක­සී­මට ග්‍රාම නිල­ධාරි-ප්‍රා/සභා සහය | මල් ශාලා­වෙන් පෙට්ටි­යත් නොමි­ලේම

by damith
November 23, 2024 1:02 am 0 comment

මීග­හ­කි­වුල සමූහ - එන්. නව­රත්න
අව­සන් කට­යු­තු­වල ආග­මික වතා­වත්

රෝගි තත්ත්ව­යක් හේතු­වෙන් පීඩා විඳි­මින් සිටි­යදී රෝහ‍ල­කදී මිය­ගිය සැමි­යාගේ මෘත දේහය සිය නිවෙ­සට ගෙන ගොස් අව­සන් කට­යුතු කර­ගත නොහැ­කිව අස­ර­ණව සිටි කාන්තා­ව­කට සහ ඇයගේ දරු තිදෙ­න­කුට පිහිට වෙමින් ඒ මර­ණයේ අව­සන් කට­යුතු සියල්ල ඉටු කර දීමට ප්‍රදේ­ශයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරි­සක් කට­යුතු කළ පුව­තක් මීග­හ­කි­වුල, තලා­ව­තැන්න ප්‍රදේ­ශ­යෙන් ඉකුත්දා (21) වාර්තා විය.

 මිය­ගිය ආරි­ය­දාස

මිය­ගිය ආරි­ය­දාස

මීග­හ­කි­වුල, තලා­ව­තැන්න නම් වූ අති­දු­ෂ්කර ගම්මා­නයේ පදිංචි සිටි ඩී.එම්. ආරි­ය­දාස (50) නමැති පුද්ග­ල­යකු සිද්ධි­යෙන් මිය­ගොස් සිටි­යේය. කන්ද­කැ­ටිය කන්ද­කැ­පූ­උ­ල්පත විහා­රා­ධි­පති හොබ­රි­යාවේ රත­න­සාර හිමි­යන්ගේ හා මීග­හ­කි­වුල ශ්‍රී සුභ­ද්‍රා­රා­මා­ධි­පති කපු­වත්තේ ගුණ­වංශ හිමි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන්, බල­ගොල්ල, කිරි­වෙ­හෙර, ඇල්ලන්ද ආදි විහා­ර­ස්ථා­න­වල නාහි­මි­වරු, මීග­හ­කි­වුල හා බල­ගොල්ල ග්‍රාම නිල­ධා­රී­වරු, තලා­ව­තැන්න හා අවට ගම්වා­සීහු, බදුල්ල තිසර මල්ශා­ලාවේ හිමි­කරු අශෝක පෙරේරා, මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභාවේ නිල­ධා­රීහු මේ සත්ක්‍රි­යා­වට දායක වූහ.

මිය­ගිය පුද්ග­ලයා, බිරිය හා දරු තිදෙනා කිසිදු ආදා­යම් මාර්ග­යක් නැතිව දැඩි ආර්ථික අප­හ­සුතා මධ්‍යයේ ජීවත් වුණු ප්‍රදේ­ශයේ අස­රණ පවු­ලකි. කලක් තිස්සේ පීඩා විඳි රෝගි තත්ත්ව­යක් උත්සන්න වීම හේතු­වෙන් මාස ගණ­නා­වක් තිස්සේ වරින් වර රෝහ­ල්ග­තව සිටි මේ පුද්ග­ලයා ඉකුත් 20 දා පස්ව­රුවේ මිය­ගියේ ඔහුට වැලඳී තිබූ රෝගි තත්ත්වය උත්සන්න වීම හේතු­වෙනි.

ඔහු මිය­යෑ­මත් සම­ඟම තව තවත් අස­රණ වූ දරු­වන් හා බිරිය ඔහුගේ දේහය නිවෙ­සට ගෙන ගොස් අව­සන් කට­යුතු පවා සිදු කර­ගත නොහැ­කිව අස­රණ තත්ත්ව­ය­කට පත්ව සිටියේ ඒ වන විටත් ඔවුන් සතුව තිබූ සියලු මිල මුදල්ද ඔහුගේ රෝගි තත්ත්ව­යට විය­පැ­හැ­දම් කිරීම හේතු­වෙනි. ඉතා දුෂ්කර ප්‍රදේ­ශ­යක පිහිටි ඔවුන්ගේ නිවෙස වෙත දේහය රැගෙන යෑම පවා ඔවුන්ට විශාල ගැට­ලු­වක් වී තිබිණි. ‍මේ තොර­තුරු සැල වීමත් සමඟ ඒ පිළි­බඳ අව­ධා­නය යොමු කළ කන්ද­කැ­ටිය කන්ද­කැ­පූ­උ­ල්පත විහා­රා­ධි­පති හොබ­රි­යාවේ රත­න­සාර හිමි ඇතුළු මීග­හ­කි­වුල, බල­ගොල්ල, කිරි­වෙ­හෙර, ඇල්ලන්ද ආදි විහා­ර­ස්ථා­න­වල නාහි­මි­වරු සාකච්ඡා කොට ඔහුගේ අව­සන් කට­යුතු කර දීමට අවශ්‍ය පහ­සු­කම් සලසා දීමට කට­යුතු සංවි­ධා­නය කළහ.

මිනී පෙට්ටිය නොමි­ලේම සැප­යී­මට බදුල්ල තිසර මල්ශා­ලාවේ හිමි­කරු අශෝක පෙරේරා මහතා කට­යුතු කළ අතර, දේහය භූම­දාන කිරීම සඳහා වළ සකස් කර දීමට මීග­හ­කි­වුල හා බල­ගොල්ල ග්‍රාම නිල­ධා­රීන්ගේ මැදි­හත් වීම මත මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභාවේ නිල­ධා­රීහු හා සේවක පිරිස කට­යුතු කළහ. මිය­ගිය පුද්ග­ලයා පදිංචි ප්‍රදේ­ශයේ ජන­තාව එක්ව මීග­හ­කි­වුල රෝහලේ සිට දේහය සුසාන භූමිය වෙත රැගෙන යෑමෙන් අන­තු­රුව එතැ­නට වැඩම කළ ගරු­තර සංඝ­ර­ත්නය පැන් වඩා පින් අනු­මෝ­දන් කර­වූහ. අව­සා­නයේ රැස්ව සිටි පිරිස එක්ව මිය­ගිය පුද්ග­ල­යාගේ භූම­දාන කට­යුතු ගෞර­වා­න්වි­තව සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT