Home » අල්ලස් සිද්ධියකට හසුවූ විදු­හ­ල්ප­ති­නිය යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­යට

අල්ලස් සිද්ධියකට හසුවූ විදු­හ­ල්ප­ති­නිය යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­යට

ලක්ෂ එකහමාරක් අල්ලස් දුන් කතගේ සැමියා කම්කරුවෙක්

by damith
November 23, 2024 1:03 am 0 comment

කල්පනි අබේ­සිංහ

වයස අවු­රුදු පහක් වය­සැති පිරිමි දරු­වකු 2025 වර්ෂ­යේදී පළමු ශ්‍රේණි­යට ඇතු­ළත් කර ගැනීම සඳහා රුපි­යල් එක්ලක්ෂ පන­ස්දා­හක (150,000) අල්ලස් මුද­ලක් ඉල්ලා සිටි බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි රජයේ පාස­ලක විදු­හ­ල්ප­ති­නි­යක් ලබන 6 දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22) නියෝග කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව සාක්ෂි­ක­රු­වන් වන පාසලේ මුර­කරු සහ පාසල් සංව­ර්ධන සමි­තියේ නිල­ධා­රින් අල්ලස් සහ දූෂණ විම­ර්ශන කොමි­ස­මට පැමිණ සිද්ධි­යට අදා­ළව ප්‍රකාශ ලබා දෙන තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට අල්ලස් කොමි­සම කරන ලද ඉල්ලී­මක් සලකා බැලී­මෙන් පසුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙලෙස නියෝග කෙරිණි. වත්තල ප්‍රදේ­ශයේ පදිංචි ප්‍රසිද්ධ ප්‍රාථ­මික පාස­ලක විදු­හ­ල්ප­ති­නිය ලෙස රාජ­කාරි කරනු ලැබූ සැක­කා­රිය මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරුණි.

රාගම ලිපි­නයේ පදිංචි මොහො­මඩ් ෆාතිමා යන මුස්ලිම් කාන්තාව විසින් ඉකුත් 6 වන අල්ලස් හා දූෂණ විම­ර්ශන කොමි­ස­මට කරන ලද පැමි­ණි­ල්ලක් සලකා බැලී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය ලබා­දෙනු ලැබීය. පැමි­ණි­ලි­කා­රිය රාගම ලිපි­නයේ පදිං­චිව සිටින අතර ඇයගේ වයස අවු­රුදු පහක් වන වැඩි­ම­හල් පිරිමි දරුවා 2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණි­යට ඇතු­ළත් කර ගැනී­මට ආස­න්න­තා­වය පද­නම මත මෙම ප්‍රාථ­මික විද්‍යා­ල­යට අය­දු­ම්පත් ඉදි­රි­පත් කර තිබූ බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

එම අය­දු­ම්ප­තට අනුව දරුවා පාස­ලට ඇතු­ළත් කර ගැනීම සඳහා සම්මුඛ පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට ඉකුත් අගෝස්තු 30 වන දින පාස­ලට පැමි­ණෙන ලෙස ලියු­මක් ලැබී තිබුණු බව පැමි­ණි­ලි­කා­රිය සඳ­හන් කළ බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. එම සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් පසුව මෙම පාස­ලට පළ­මු­වන ශ්‍රේණි­යට තෝරා­ගන්නා ලද දරු­වන්ගේ නාම ලේඛ­න­යක් දැන්වීම් පුව­රුවේ පළ කර ඇති බව දැන­ගත් පැමි­ණි­ලි­කා­රිය ඒ පිළි­බඳ සොයා බැලී­මට පාස­ලට ගිය අව­ස්ථාවේ තම දරු­වාගේ නම එහි සඳ­හන් නොති­බීම නිසා විදු­හ­ල්ප­ති­නි­ය­ගෙන් ඊට හේතු විමසා සිටි අව­ස්ථාවේ සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් ලකුණු අඩුවී තිබීම නිසා දරුවා පාස­ලට ඇතු­ළත් කර ගැනී­මට නොහැකි බව පැමි­ණි­ලි­කා­රි­යට දැනුම් දුන් බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැන්වීය.

පැමි­ණි­ලි­කා­රිය විසින් නැව­තත් ඉකුත් සැප්තැ­ම්බර් මස 26 දින එම පාස­ලට ගොස් සිංහල මාධ්‍ය­යෙන් තම දරු­වාට ඉගෙන ගැනී­මට අවශ්‍ය බව පවසා ඒ සඳහා අව­ස්ථා­වක් ලබා දෙන ලෙස විදු­හ­ල්ප­ති­නි­ය­ගෙන් අයැද සිටී බව අල්ලස් කොමි­සම දැනුම් දුන්නේය. එම අව­ස්ථාවේ විදු­හ­ල්ප­ති­නිය විසින් සම්මුඛ පරී­ක්ෂ­ණය සඳහා දරුවා ලකුණු 36ක ප්‍රමා­ණ­යක් පම­ණක් ලබා තිබීම නිසා පාස­ලට ඇතු­ළත් කර ගැනී­මට අවශ්‍ය නම් තමා­හට රුපි­යල් 150,000ක මුද­ලක් ලබා දෙන ලෙස පැමි­ණි­ලි­කා­රි­යට ප්‍රකාශ කළ බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. පැමි­ණි­ලි­කා­රි­යගේ ස්වාමි­පු­රු­ෂයා කුලී වැඩ කරන තැනැ­ත්තකු නිසා මෙම මුදල ගෙවී­මට හැකි­යා­වක් නොමැති නමුත් තම දරුවා වෙනු­වෙන් එම මුදල ගෙවී­මට පැමි­ණි­ලි­කා­රිය එක­ඟ­තා­වය පළ කළ බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සැක­කාර විදු­හ­ල්ප­ති­නිය විසින් පසු­ගිය නොවැ­ම්බර් මස 7 වන දින පස්වරු තුනට තනි­වම විදු­හ­ල්පති කාර්යා­ලය වෙත පැමිණ මුදල් ප්‍රමා­ණය ලබා දෙන ලෙස පැමි­ණි­ලි­කා­රි­යට පැවසූ බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ලි­කා­රිය තම හිත­ව­තුන් සමඟ පැවසූ අව­ස්ථා­වේදී එම පුද්ග­ල­යන් විසින් 1954 කොමි­ෂන් සභා­වට කතා­කර අල්ලස් ලබා ගන්නා බවට පැමි­ණි­ල්ලක් කරන ලෙස අව­වාද ලබා දුන් බව අල්ලස් කොමි­සම දැන්වීය. ඒ අනුව අල්ලස් හා දූෂණ විම­ර්ශන කොමි­සම විසින් පැමි­ණි­ලි­කා­රි­යගේ සහෝ­ද­ර­යකු බවට පවසා උපාය දූත­යෙකු යවා සැක­කා­රි­යට මුදල් ලබා දෙන අව­ස්ථා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­කාර විදු­හ­ල්ප­ති­නි­යගේ කාර්යා­ලයේ තිබී පෞද්ග­ලික මුදල් ලෙස දෙලක්ෂ පනස් නව­දාස් තුන්සිය අසූ­වක මුදල් ප්‍රමා­ණ­යක්ද අල්ලස් කොමි­සම අත්අ­ඩං­ගු­වට ගත් බව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. සැක­කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙල්ල­ප්පෙ­රුම මහතා සඳ­හන් කරනු ලැබුවේ මෙම විදු­හ­ල්ප­ති­නි­යට අප­හාස කිරීමේ අර­මු­ණින් පැමි­ණි­ලි­කා­රිය විසින් බලෙන් මුදල් ලබා දීමක් සිදු­කි­රී­මට තැත් කළ බවය. එම නීති­ඥ­ව­ර­යාද සැක­ක­රු­හට ඇප ලබා­දෙන ලෙස ද අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය. ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය සැක­කාර විදු­හ­ල්ප­ති­නිය ලබන 6 දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT