Sunday, April 20, 2025
Home » එලන් ජොන්සන් ආද­ර්ශ­යට ගත හැකිය

එලන් ජොන්සන් ආද­ර්ශ­යට ගත හැකිය

by damith
November 23, 2024 1:00 am 0 comment

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ ශක්ති­ම­ත්භා­වය පව­තින්නේ, ඒ සඳහා පුර­වැ­සි­යන්ගේ සමාන වූ සහ­භා­ගි­ත්වය තුළය. “කාන්තා­වන්ගේ හඬට කන් යොමන සමා­ජය, සිය කති­කාව සම්පූර්ණ කර ගන්නේය” යනු­වෙන් ප්‍රකාශ කරන ලද්දේ, ලයි­බී­රි­යාවේ ජනා­ධි­පති තන­තුර උසු­ලන ලද එලන් ජොන්සන් සර්ලීෆ් විසිනි.

ලයි­බී­රි­යාව යනු බට­හිර අප්‍රි­කානු වෙරළ තීරයේ පිහිටි රටකි. නිද­හස ප්‍රකාශ කළ, පළමු අප්‍රි­කානු ජන­ර­ජය හෙයින්, එය කලා­පයේ දේශ­පා­ලන අත්දැ­කී­ම්ව­ලින් පොහො­සත්මැ දේශ­යය. එලන් ජොන්සන් වනාහි සමස්ත අප්‍රි­කා­වම ලෝක­යට ගෙන ගිය කතකි. ඕ සිය නම දේශ­පා­ලන පොතේ ලිය­වා­ගන්නී, අප්‍රි­කානු කලා­පයේ පළ­මු­ව­රට මැති­ව­ර­ණ­ය­කින් ජන­පති අසුන සඳහා පැමිණි කාන්තාව ලෙසය. ඇය ඡන්ද­යෙන් ජය­ග්‍ර­හ­ණය කරන ලද්දේ 2005 වසරේ අද වැනි දින­කය.

කාන්තා­වගේ දේශ­පා­ලන සහ­භා­ගි­ත්වයේ මඳ­ස­රු­භා­වය විසින් සමාජ ක්‍රමය සෑහෙන පම­ණ­කට වඳ පීදී ඇත්තේ හෙයින්, එලන් ජොන්සන්, මේ තීරුව සිය ආර­ම්භය සඳහා උප­යෝගී කර ගන්නේය.

වත්මන් පාර්ලි­මේ­න්තුවේ කාන්තා නියෝ­ජ­නය විසි එකක් බවට පත්ව තිබේ. සම­ස්තයේ පංගු­වක් ලෙස එය හොඳ­ටම මදිය. ජන­ග­හ­න­යට සාපේ­ක්ෂව ගත් කළ සතුටු විය නොහැක්කේ නමුත්, සිටි ස්ථානය අනුව ලබාගෙන ඇති දේ, ඉඳු­රාම ජය­ග්‍ර­හ­ණ­යකි.

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා සර්ව­ජන ඡන්දය භාවිත විය. ජනතා පර­මා­ධි­ප­ත්‍යය සඳහා වූ ඡන්ද වරම අපට ලැබෙ­නුයේ ස්ත්‍රී පුරුෂ භේද­ය­න්ගෙන් තොර­වය. එසේ වුවද දේශ­පා­ලන නියෝ­ජ­නය මුල සිටම ධාව­නය වූයේ පුරුෂ ආඛ්‍යා­න­ය­කය. එය සම­හර විට පැවති සමා­ජයේ හැඩ­ත­ලය අනුව පෙළ­ගැ­සුණා විය හැකිය. අනික ඒ වන විටත් පුරුෂ මූලි­ක­ත්වය, පාල­නය සඳහා යෙහෙකි යන්න සම්ම­ත­යක් සේ දිග හැර තිබුණා විය හැකිය.

පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසු­ගිය සැප්තැ­ම්බර් 24 වෙනිදා විසු­රුවා හරින ලද පාර්ලි­මේ­න්තුව දක්වා වූ පරා­සයේ, ව්‍යව­ස්ථා­දා­ය­කය නියෝ­ජ­නය කර ඇත්තේ කාන්තා­වන් 71 දෙනෙකු පම­ණය. සන්ධි­ස්ථා­නීය ජය­ග්‍ර­හණ බොහො­ම­යක් ලබා­ගෙන ඇත්තේ වුවද වසර අසූ හතක ශේෂ පත්‍රය එබ­ඳුය. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා ඇඩ්ලින් මොල­මු­රේගේ පත්වීමේ සිට පනස් හයේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැ­ති­ව­රිය ලෙස පත්වූ විමලා විජ­ය­ව­ර්ධන, ශ්‍රී ලංකාවේ කැබි­නට් මණ්ඩ­ලය නියෝ­ජ­නය කළ පළමු ඇමැ­ති­ව­රිය වූවාය. ලෝකයේ පළමු අග්‍රා­මා­ත්‍ය­ව­රිය සහ අග­මැ­ති­නි­යන් දෙදෙ­නෙකු අප බිහි කර ඇත්තේය.

එසේ වෙතත් අඛණ්ඩ දේශ­පා­ලන රැඳී සිටී­මක් ශ්‍රී ලංකා දේශ­පා­ලන සහ­භා­ගි­ත්වයේ කාන්තා­වන් අතර තිබුණේ නැත. ආවෝ ගියෝ පන්න­යට කාන්තා නියෝ­ජ­නය හැඩ ගැසීම සඳහා බල­පාන ලද සාධක මෙහිදී සලකා බලා, පිළි­යම් යෙදීම අව­ශ්‍යය.

මෙවර පත්ව ඇති කාන්තා නියෝ­ජ­නය දෙස බලන විට ඉන් විසි දෙනෙක් ජාතික ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­න්නාහ. දෙදෙ‍ෙ­නක් සජ­බ­යෙන්ය. මේ සියල්ලෝ මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළ හෙයින් එය ඍජු ජනතා තේරී පත් කිරී­මක් වන්නේය. ශ්‍රී ලංකාවේ මතු නොව ආසි­යාවේ දේශ­පා­ල­නයේ ස්ත්‍රී නියෝ­ජ­නය සඳහා ඇති ව්‍යාධිය වන්නේ එය දූව­රුන්ගේ සහ වැන්ද­ඹු­වන්ගේ සහලක්ෂ­ණය සහිත වීමය. මේ ආකා­ර­යෙන් තොරව වත්මන් අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය පත්වීම මෙවර අප ලබාගන්නා ලද තවත් ජය­ග්‍ර­හ­ණ­යකි. ජාතික ජන බල­වේ­ගයේ සියලු මන්ත්‍රී­ව­රියෝ මේ ලක්ෂ­ණය දුරු කර ඇත්තාහ. එසේම ඔවුන්ගේ නියෝ­ජ­නයේ විවි­ධ­ත්වය ද කාන්තා දේශ­පා­ලන සහ­භා­ගි­ත්වය තවත් වර්ණ ගන්වා ඇත්තේය.

මෙවර පැමිණ සිටින මන්ත්‍රී­ව­රි­යන් විසි දෙක අත­රෙන් හරිනි අම­ර­සූ­රිය සහ රෝහිනී කවි­රත්න හැරුණු කළ අන් විසි දෙනාම මැති­ස­බයේ නියෝ­ජ­නය සඳහා පැමි­ණෙන්නේ පළමු වර­ටය. එවැනි විශේ­ෂතා සහිත කාන්තා නියෝ­ජ­නය වර්ණනා කළ පම­ණින් එහි සුවි­ශේෂී ගුණය අපට අත්දැ­කී­මට නොලැ­බෙ­න්නේය. ඒ සඳහා වූ මඟ දැක්මක් සමා­ජ­යක් ලෙස ඇය වෙත අප දිය යුත්තේය.

මේ තීරුව සිය පූර්වි­කාව සඳහා උප­යෝගී කර ගන්නා ලද්දේ දකුණු අප්‍රි­කානු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ විශි­ෂ්ටතම කාන්තා නියෝ­ජ­නය වූ එලන් ජොන්සන්ය. ඇයගේ පාලන කාලයේ, ලයි­බී­රි­යාව ඉබෝලා මාර­යාගේ ගොදුරු බිමක් බවට පත්වෙ­න්නට පටන් ගෙන තිබුණි. ජන­යාගේ මියැ­දීම ගණන් හිලව් ගැනී­මට ද නොහැකි තරම් වේග­ව­ත්භා­ව­යක් ප්‍රද­ර්ශ­නය කළේය. ඇය වහා සිය දේශය සුව­පත් කිරීම සඳහා වෙහෙස වූවාය. සෞඛ්‍ය යන්ත්‍ර­ණය සඳහා නව ආකෘති ඇති කර­මින් ඉබෝලා වෙත අභි­යෝග කළ හෙයින් මරණ පන්ද­හ­සක ප්‍රමා­ණ­යෙන් ලයි­බී­රි­යාව බේරා ගැනී­මට ඕ සමත් වූවාය. “ඉබෝලා වයි­රස් භීතිය, ආර­ම්භ­යේදී ඊට විස­ඳු­මක් නොදුටු ජන­තාව ස්වීය ජීවිත ආර­ක්ෂාව තකා පලා ගොස් සැඟ­වීමේ තැන­කට තල්ලු කළේය. ඔවුන් රැඳී සිටියේ ප්‍රජාව අත­රය.

මම එය දනිමි. 2014 වසරේ මමත් එම සිය­ලුම වැරදි ක්‍රියා­මාර්ග ගෙන ඇත. ලෝකයේ වෙනත් වග­කිව යුත්තන් අතින් ද එම වරද සිදු­විය. එහෙත් අපි එය නිවැ­රදි කර ගත්තෙමු. එය අප විසින් නිවැ­රදි කර ගන්නා ලද්දේ සාමූ­හික ප්‍රය­ත්න­යෙනි. මේ ආකා­ර­යට ඇය ස්වීය අත්දැ­කීම් ප්‍රකාශ කරන ලද්දේ, කොවිඩ් වසං­ග­තය පැමිණි වහාය.

මේ රටේ දේශ­පා­ලන දේහයේ මතු නොව සමාජ දේහය ද වසා­ගත් එවැනි ව්‍යාධි රාශි­යකි. අධ්‍යා­ප­නයේ සිට සෞඛ්‍ය ඈ කේෂ්ත්‍ර ගණ­නා­වක් තවම ගමන් කරන්නේ, නිදි කිර­මින්ය. මේ කේෂ්ත්‍ර­යන් දෙකමැ ගමන යන්නේ නොදැ­නය. සාක්ෂාත් කර ගත යුත්තේ කුමන ඉල­ක්කය දැයි නොම දන්නේ හෙයින්, එදි­නෙදා දවස ගෙවන්නේ හැර අන් යමක් සිදු වන්නේ නැත. මන්ත්‍රී­ව­රියෝ අත ඇති වග­කීම වන්නේ මෙවන් කේෂ්ත්‍ර සඳහා මව්වත් ගුණ යුතු මාර්ග උප­දේ­ශ­යක් තනා දී, ඒ සඳහා නව මංපෙත් විවර කිරී­මය. ලයි­බී­රි­යා­වෙන් ඉබෝලා තුරන් කළ එලන් ජොන්සන් සේ, මේ රට සුව­පත් කිරීම උදෙසා නවමු කාර්ය­යක් එවිට ඔවුන් ඉටු කර­නවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT