Home » ‘ශ්‍රී ලංකාවට ආචාරධාර්මික හා ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්‍රයක් අවශ්‍යයි’

‘ශ්‍රී ලංකාවට ආචාරධාර්මික හා ශක්තිමත් මාධ්‍ය ක්ෂේත්‍රයක් අවශ්‍යයි’

ආසියා පැසිෆික් මහජන සම්බන්ධතා හා සන්නිවේදන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, තාජුදීන් පවසයි

by damith
November 23, 2024 1:00 am 0 comment

රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේගවත් සහ මූලික වෙනසකට දොරගුළු විවර කරමින් දීර්ඝ කාලීනව ස්ථාවරව පැවති දේශපාලන පරිසරය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව මෙවර විශිෂ්ට තීරණයක් ගෙන ඇත. මාධ්‍ය මෙම කාලවකවානුවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, දේශපාලන බලපෑම්වලින් තොර ඵලදායී සහ සියලු දෙනාට සමාන ප්‍රතිපත්ති සැකසීමේ දැඩි අවශ්‍යතාව ඉතා පැහැදිලිය. අපගේ ඉදිරි ගමනේදී සිදුවන ඕනෑම බාධාවක් සම්බන්ධයෙන් වගකීම ගනිමින්, ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. ආසියා පැසිෆික් මහජන සම්බන්ධතා හා සන්නිවේදන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, තන්සිල් තාජුදීන් අවධාරණය කළේය. ක්ෂේත්‍රය තුළ පවතින අභියෝගවලට ආමන්ත්‍රණය කිරීමට සහ ආයතනයේ අවශ්‍යතා සඳහා නොව ජනතාවට සේවය කිරීමට ස්ථාවරව නැඟී සිටීමට අප අපගේ අරමුණු සකස් කර ගත යුතුය.

දේශීය මාධ්‍ය පිළිබඳ විශ්වාසය සහ ජනමාධ්‍යවේදයේ ගුණාත්මකභාවය යළි ඇති කරමින් සුරක්ෂිත, විශ්වසනීය සහ තිරසර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය නිපුණත්වය කලාපයේ ඉහළම තැනට නංවාලීමට, මාධ්‍ය ආයතන, වෘත්තිකයන්, බලධාරීන්, උපදේශක කණ්ඩායම්, විද්වතුන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් සාමුහිකව ඉල්ලා සිටිමු. ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය නායකත්ව භූමිකා භාර ගන්නා ඉහළ බලපෑමක් ඇති පුද්ගලයන් අවශ්‍ය වේ. වැටුප් ප්‍රමාද සහ සේවක හිඟය, යල් පැන ගිය ප්‍රතිපත්ති සහ ව්‍යාපාර ආකෘති, සුදුසුකම්ලත් පුද්ගලයින් නොමැතිකම, දැනුම හුවමාරු කර ගැනීමේ සහ සහයෝගීතාවයේ ඌනතාවය, සහ වාර්තාකරුවන් වගවීම සම්පූර්ණයෙන් නොසලකා හැරීම වැනි බොහෝ මූලික ගැටලු මාධ්‍ය සේවා ස්ථානවල බොහොමයක් පවතින බව පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් මඟින් අනාවරණය වූ අතර එවැනි ගැටලු අප්‍රමාදව විසඳා ගත යුතුය.

විශේෂයෙන් නිරන්තරයෙන් මෙම ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන ඇතැම් ප්‍රමුඛ නාම අතර සහ රට පුරා සිටින මාධ්‍ය වෘත්තිකයන් අතර ඉහළ මට්ටමේ ස්වයං පාලනයක් සහ ස්වයං විනයක් ඇති කිරීම සඳහා මාධ්‍ය කර්මාන්තයට ද වැඩි විවිධත්වයක් සහ සමානාත්මතාවක් අවශ්‍ය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT