ස්පීඩ්බේ පැය දොළහේ විඳ දරා ගැනීමේ කාර්ටින් ශූරතාවලිය 2024, මෝටර් රථ ධාවන සංගමග සිලෝන් මෝටර්ස්පෝර්ට් සමාජය සමඟ එක්ව සංවිධාන කරන ස්පීඩ්බේ පැය 6ක විඳ දරා ගැනීමේ කාර්ටින් ශූරතාවලියේ 3 වැනි වටය හෙට (23) බණ්ඩාරගම ස්පීඩ්බේහිදී පැවැත්වේ.
මේ වසර මුලදී, ස්පීඩ්බේ විසින් පැය 6ක විඳ දරා ගැනීමේ ශූරතාවලියේ පළමු අදියර පැවති අතර, මෙරටදී පළමු වරට පැවති පැය 12ක විඳ දරා ගැනීමේ කාර්ටින් ශූරතාවලිය පසුගියදා ස්පීඩ්බේහිදී සාර්ථකව නිමා විය.
මෙහිදී කණ්ඩායම් 12ක් තරග වැදුණු අතර, සෑම කණ්ඩායමකටම රියදුරන් 6 දෙනෙකු දක්වා ඉදිරිපත් කිරීමට අවස්ථාව දී තිබිණි. මෙහිදී
ඇස්රියල් ෆ්ලෑශ් ස්කොඩ් රේසින් විසින් වාර්තාගත වට 1,004ක් සම්පූර්ණ කරන ලද අතර, කණ්ඩායම් සාමාජිකයන් වන ඉශාන් මුණවීර (කණ්ඩායමේ කළමනාකරු සහ රියදුරු), රයන් ඩිබ්රයුයින්, ශක්ති ගුණ්සේකර සහ තිනුක විජේරත්න එක්වූහ.
ස්පීඩ්බේ පැය දොළහේ විඳ දරා ගැනීමේ කාර්ටින් ශූරතාවලිය 2024, මෝටර් රථ ධාවන සංගමය සහ සිලෝන් මෝටර්ස්පෝර්ට් සමාජය සමඟ එක්ව සංවිධාන කරයි.
එම්ආර්එෆ් ටයර්ස් සහ ඇට්ලස් ටයර්ස් සහ දරිකවරි රුම් අනුග්‍රහය ලබාදෙන අතර, ස්පීඩ්බේහි මිකාරීත්වය සහ මෙහෙයවීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං සහ ලෙෂර් (පෞද්ගලික) සමාගම විසින් දරයි.