ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පුස්තකාල වෘත්තිය සහ වෙනත් වෘත්තීන්වලට ප්‍රවේශවීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සහ වෘත්තීයවේදීන් ඉලක්ක කරගෙන පැවැත්වූ පාඨමාලා රැසක සහතික පත්‍ර ප්‍රදානය පෙරේදා (20) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්විණ.
මෙහි දී 2023/ 2024 අධ්‍යයන වර්ෂය තුළ ආරම්භ කරන ලද පර්යේෂණ ක්‍රම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, දත්ත විශ්ලේෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ ලේඛකත්ව ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද සිසුන් සහ වෘත්තියවේදීන් 57 දෙනකුට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු විය.
මෙම අවස්ථාව සඳහා සම්මානිත මහාචාර්ය කේ. ඒ. පී. සිද්ධිසේන, මහාචාර්ය රත්නසිරි අරංගල සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.