Home » බොරංගමුවේ නායකින් මාරතැන්න නැරඹුම් කුටියත් විනාශයි

බොරංගමුවේ නායකින් මාරතැන්න නැරඹුම් කුටියත් විනාශයි

by mahesh
November 22, 2024 1:00 am 0 comment

කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා

අධික වර්ෂාවත් සමග බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගය බොරංගමුව ප්‍රදේශයේ 25 කනුව අසල මාර්ගයේ පැති බැම්මක් සමග එම මාර්ගයේ ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් නායගොස් තිබේ.

මෙම ස්ථානයේ පසුගිය 19 වැනිදාත් පස් කඳු කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු සඳහන් කළහ. ඔවන් පෙන්වා දෙන්නේ, එම ස්ථානයේම උඩ කොටසත් මෙසේ නායයෑමේ අවදානමක පවතින බවයි. මෙම නාය ගිය කොටසේ නැරඹුම් කුටියක් (සමර් හට්) ඉදිකර තිබූ අතර, එය සම්පූර්ණයෙන්ම විනාශ වී එහි කොටස් සොරු රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ. බලංගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසක් නැරඹීමට හැකි ස්ථානයක් ලෙස මෙම නැරඹුම් කුටිය සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි. ප්‍රදේශවාසීන් තවදුරටත් කියා සිටින්නේ, තවදුරටත් එම ප්‍රදේශයට වැසි පැවතියොත් නායගිය ස්ථානයේ ඉතුරු කොටසත් නාය යෑමකට ලක්ව හැටන් – බලංගොඩ මාර්ගයට ද හානි විය හැකි බවයි.

පවතින නාය අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දී ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. බලන්ගොඩ ප්‍රදේශයේ නායයෑමේ අවදානම් ඇති ස්ථාන පසුගිය මාස කිහිපයේදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT