Wednesday, April 2, 2025
Home » අන්තර්ජාලයේ දැන්වීම්වලට කතා කර බැංකු ගිණුම්වලින් සල්ලි ඇද්ද කුඩ්ඩා මාට්ටු

අන්තර්ජාලයේ දැන්වීම්වලට කතා කර බැංකු ගිණුම්වලින් සල්ලි ඇද්ද කුඩ්ඩා මාට්ටු

කෝටි ගණනක කුඩු ගහලා

by mahesh
November 22, 2024 1:00 am 0 comment

නුගේගොඩ සමූහ සමීර අබේසිංහ

විවිධ වර්ගයේ භාණ්ඩ හා වාහන මෙන්ම ඉඩම් විකිණීම සඳහා අන්තර්ජාලයේ පළ කරන දැන්වීම්වල දුරකතන අංකයන්ට ඇමතුම් ලබාදී ඊට අදාළ අත්තිකාරම් මුදල් යොමු කරන බව පවසමින් භාණ්ඩ අයිතිකරුවන්ගේ බැංකු ගිණුම් අංක ලබාගෙන කෝටි ගාණක මුදල් වංචා කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

සැකකරු සමඟ ලැප්ටොප් යන්ත්‍රයක් හා ජංගම දුරකතන කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව එම ඒකකය සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මහරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. පැමිණිලිකරු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් විකිණීමට ඇති බව සඳහන් කරමින් අන්තර්ජාලයේ පළකළ දැන්වීමකට අනුව සැකකරු දුරකතන ඇමතුමක් ලබාදී අත්තිකාරම් මුදලක් ලබාදීමට යැයි පවසා පැමිණිලිකරුගේ බැංකු ගිණුම් විස්තර ලබාගෙන ඇති බවත් පසුව එම තොරතුරුවලට අනුව ඔහුගේ ඕටීපී අංකය ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු (28) වැනි වියේ පසුවන ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් බවත් අධික ලෙස හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් පොලීසිය කියයි.

මෙම සැකකරු දුරකතන අංක කිහිපයක් භාවිත කරමින් මෙම වංචා සහගත ක්‍රියාවන්හි නිරත වී ඇති බවත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක විවිධ තරාතිරමේ පුද්ගලයින් ජාවාරමේ නියැළුණු වංචනික පුද්ගලයාට හසු වී ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ මහතාගේ ඍජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසිංහ මහතාගේ උපදෙස් මත එම ඒකකයේ අංක 01 කණ්ඩායමේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතාගේ මෙහෙයුම් මත පොලිස් සැරයන් (68011) විජේරත්න, (94555) කුමාර, පොලිස් කොස්තාපල් (630) රණසිංහ, (94790) යෝගනාදන් යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT