Home » SJB ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන අවසන් තීරණය අද

SJB ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන අවසන් තීරණය අද

by chanaka
November 22, 2024 12:47 pm 0 comment

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේ රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී තිබේ.

ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එරාවූර් නගර සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතාව පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT