Home » වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කර මුදල් කොල්ල කයි

වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කර මුදල් කොල්ල කයි

by yasara
November 22, 2024 11:38 am 0 comment

 

රාත්‍රී කාලයේ නිවසකට ඇතුළුවූ සොරෙකු, එම නිවසේ තනිව ජීවත් වූ වයස අවුරුදු 74  ක වයෝවෘද්ධ කාන්තාවක් බලහත්කාරයෙන්  ස්ත්‍රී දූෂණයට ලක්කර, ඇය සතුව තිබූ මුදල් රුපියල් 4500ක්, රුපියල් 5000ක් වටිනා ජංගම දුරකථනයක් සොරකම් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.

කැකිරාව පොලිස් වසමේ   ජීවත් වූ එම කාන්තාව සිදු කල පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර  සැකකරු සොරකම් කල ජංගම දුරකථනය සහ එම මුදල් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය  සඳහන් කළේය.

මෙලෙස  අත්අඩංගුවට පත්ව  ඇත්තේ කැකිරාව පොලිස් වසමේම පදිංචි, 31 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට  මුහුණ පෑ කාන්තාවගේ සැමියා මීට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දරුවන් විවාහ වී වෙනම පදිංචිව සිටින බවද පොලිසිය කියයි.

ඉකුත්දා  රාත්‍රී 10.45ට පමණ නිවසේ විදුලිය විසන්ධි කර එම නිවසට ඇතුළු වී ඇති සැකකරු, මෙම ස්ත්‍රී දුෂණය සහ සොරකම සිදු කර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගස් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ නිලධාරීහු  කණ්ඩායමක් වැටලීම් සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT