Monday, April 21, 2025
Home » රවිගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

රවිගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

by mahesh
November 22, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ගත් පියවර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දී තිබේ.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධානතම පාර්ශ්වකරු ලෙස එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇත. නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ, ආචාර්ය විතානගේ යන මහත්වරු සාමාජිකත්වය දරන එම කමිටුවේ ලේකම්වරයා ලෙස නීතිඥ යසස් ද සිල්වා මහතාව පත් කර ඇත. රවි කරුණානායක මහතාව අදාළ මන්ත්‍රී ධුරයට පත් කිරීමට ගත් පියවර පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ වාර්තාව සති තුනක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය වී ඇති අතර ඉන්පසු එම වාර්තාවට අනුව වැඩිදුර පියවර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT