Home » නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති

නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති

නියෝජ්‍ය ඇමැති මඬුල්ලේ මහාචාර්යවරයෙක්-ආචාර්යවරයෙක් ඉංජිනේරුවෝ 2ක්-වෛද්‍යවරු 5ක් ඒ් අතර

by mahesh
November 22, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (21) දිවුරුම් දුන් අය අතර වෛද්‍යවරු පස්දෙනෙක් සහ ඉංජිනේරුවරු දෙදෙනෙක් වෙති.

වෛද්‍ය නාමල් සුදර්ශන, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන, වෛද්‍ය හංසක විජේමුණි, වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෛද්‍ය සුසිල් රණසිංහ එම වෛද්‍යවරු වෙති. ඉංජිනේරු එරංග වීරරත්න, ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහත්වරු එම ඉංජිනේරුවෝ වෙති. එමෙන්ම මෙම නියෝජ්‍ය අමාත්‍යවරු අතර මහාචාර්යවරයෙක් ආචාර්යවරයෙක් ද සිටිති.

ජාතික ජන බල­වේ­ගය රජයේ නියෝජ්‍ය ඇමැ­ති­වරු 29 දෙනෙක් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉදි­රියේ ඊයේ (21) ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී දිවු­රුම් දෙනු ලැබූහ.

එම නියෝජ්‍ය ඇමැ­ති­වරු පහත පරිදි වේ.

මහා­චාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති

නාමල් කරු­ණා­රත්න මහතා
කෘෂි­කර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති

වසන්ත පිය­තිස්ස මහතා
ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ
ප්‍රජා සවි­බල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති

නලින් හේවගේ මහතා
වෘත්තීය අධ්‍යා­පන නියෝජ්‍ය ඇමැති

ආර්.එම්. ජය­ව­ර්ධන මහතා
වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා නියෝජ්‍ය ඇමැති

ගම­ගෙ­දර දිසා­නා­යක මහතා
බුද්ධ ශාසන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු නියෝජ්‍ය ඇමැති

ටී.බී. සරත් මහතා
නිවාස නියෝජ්‍ය ඇමැති

රත්න ගමගේ මහතා
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති

මහින්ද ජය­සිංහ මහතා – කම්කරු නියෝජ්‍ය ඇමැති

අරුණ ජය­සේ­කර මහතා – ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති

අරුන් හේම­චන්ද්‍රා මහතා
විදේශ කට­යුතු, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති

ඇන්ටන් ජය­කොඩි මහතා – පරි­සර නියෝජ්‍ය ඇමැති

මොහො­මඩ් මුනීර් මහතා
ජාතික ඒකා­බ­ද්ධතා නියෝජ්‍ය ඇමැති

ඉංජි­නේරු එරංග වීර­රත්න මහතා
ඩිජි­ටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති

එරංග ගුණ­සේ­කර මහතා
තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති

චතු­රංග අබේ­සිංහ මහතා
කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති

ඉංජි­නේරු ජනිත් රුවන් කොඩි­තු­වක්කු මහතා
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති

වෛද්‍ය නාමල් සුද­ර්ශන මහතා
කාන්තා සහ ළමා කට­යුතු නියෝජ්‍ය ඇමැති

රුවන් සෙන­රත් මහතා
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති

වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණ­සේන මහතා
ප්‍රවා­හන සහ මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති

වෛද්‍ය හංසක විජේ­මුණි මහතා
සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති

උපාලි සම­ර­සිංහ මහතා
සමු­ප­කාර සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති

රුවන් චමින්ද රණ­සිංහ මහතා
සංචා­රක නියෝජ්‍ය ඇමැති

සුගත් තිල­ක­රත්න මහතා
ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති

සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප් මහතා
වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් නියෝජ්‍ය ඇමැති

නීතිඥ සුනිල් වට­ගල මහතා
මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු

නියෝජ්‍ය ඇමැති
වෛද්‍ය මධුර සෙනෙ­වි­රත්න මහතාඅධ්‍යා­පන සහ උසස් අධ්‍යා­පන නියෝජ්‍ය ඇමැති

ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහතා
මුදල් සහ ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය ඇමැති

වෛද්‍ය සුසිල් රණ­සිංහ මහතා
ඉඩම් සහ වාරි­මාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස පත් කර තිබේ.
ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා ද දිවු­රුම් දීමේ අව­ස්ථා­වට එක්ව සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT