Home » බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු පළාත්වල අද මි.මී. 100කට වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු පළාත්වල අද මි.මී. 100කට වැඩි තද වැසි

by mahesh
November 22, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න සහ මැද කොළඹ විශේෂ ආරියරත්න ගනේගොඩ
weather rainny

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (22) දිනයේද මි.මී. 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද, නැඟෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව අද දිනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිනිකොන දිග බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිතව හෙට (23) පමණ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකියි. අනතුරුව එළඹෙන දින දෙක තුළදී එය නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැඟෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරණු ලබන නිවේදන හා කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ගාල්ල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක් සඳහා අද පස්වරු 4.00 දක්වා වලංගුවන පරිදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳව විමසිලිමත්වීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT