මෙරට පුද්ගලයෙකුට අයත් බයිනෑන්ස් ගිණුමක තිබූ ඩොලර් 30,000ක මුදල වෙනුවෙන් චීන ජාතිකයන් පිරිසක් ඔහු සමඟ ඇති කරගත් එකඟතාව මත දුන් එක්කෝටි හය ලක්ෂයක මුදල කොල්ලුපිටිය සාප්පු සංකීර්ණයකදී කොල්ල කෑ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (21) නියෝග කළේය. පොලොන්නරුවේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමූහ මංකොල්ල අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය කළේය.
පැමිණිලිකරුගේ ගිණුමක තිබූ ඩොලර් 30,000 ලබා දෙන ලෙසත්, එක් ඩොලරයකට රුපියල් 352 බැගින් ගෙවන බවත් ගිවිසගෙන ඩොලර් 30,000 ලබා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ මුදල් එම පුද්ගලයා වෙත ලබා දී, නැවත ඔවුන් විසින් ම අදාළ සාප්පු සංර්ණයේදීම මංකොල්ල කා ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය.