Home » යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී තරුණයන් දෙදෙනකු එතැනමයි

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී තරුණයන් දෙදෙනකු එතැනමයි

තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහලේ

by mahesh
November 22, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

මුලතිව්-මාන්කුලම් මාර්ගයේ වන්නිවිලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම පෙරේදා (20) සවස මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

තරමක් වර්ෂාව පැවති අවස්ථාවේදි මෙම යතුරුපැදි ධාවනය කළ තරුණයින් අධික වේගයෙන් එම යතුරුපැදි ධාවනය කොට ඇති අතර ඔවුන්ට ඒවා පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි විජයකුමාර් විදූසන් සහ 23 හැවිරිදි ජයකුමාර් විදුසන් යන තරුණයින් දෙදෙනාය.

තුවාල ලැබූ අනෙක් තරුණයා ගිලන් රථයක ආධාරයෙන් මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය ද ඉතා බරපතළ බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති.

මෙම අනතුරෙන් එක් යතුරුපැදියක් කුඩු පට්ටම් වී ඇති අතර අනෙක් යතුරුපැදියට ද බරපතළ ලෙස හානි සිදුව තිබේ.

මාන්කුලම පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT