Monday, April 21, 2025
Home » මහවත්තේ චාමරගේ අයිස් සමඟ දෙදෙනෙක් මාට්ටු

මහවත්තේ චාමරගේ අයිස් සමඟ දෙදෙනෙක් මාට්ටු

by mahesh
November 22, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත කොට්ටාව - ප්‍රදීප් කුමාර

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

ඒ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකෙරෙන එක්කෝටි දස ලක්ෂයක මුදලක්, මෝටර් රථයක් හා ජංගම දුරකතන 03 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි 29 සහ 39 යන වයස් කාණ්ඩවල පසුවන දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

විශේෂ කාර්ය බළකාය විශේෂ මේහෙයුම් ඒකකය II හි පොලිස් සැරයන් මාතර ආරච්චි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් කඩවත හා දොම්පේ ප්‍රදේශවල වැටලීම් දෙකක් සිදුකර තිබිණි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි, ග්‍රෑම් 536ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද එක්කෝටි දස ලක්ෂයක මුදලක්, කාර් රථයක් හා ජංගම දුරකතන 03ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවත්ත චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනකු බවට කරුණු අනාවරණය වි තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT