Saturday, April 19, 2025
Home » ගැඹුරු මුහුදේදී රෝගී වූ ධීවරයා නාවික හමුදා සහායෙන් ගොඩබිමට

ගැඹුරු මුහුදේදී රෝගී වූ ධීවරයා නාවික හමුදා සහායෙන් ගොඩබිමට

රෝගියා කරාපිටිය රෝහලට

by mahesh
November 22, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත, දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 78ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක රෝගීව අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් පෙරේදා (20) නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. අම්බලන්ගොඩ ධීවර වරායෙන් මේ මස 17 වැනි දින ධීවරයන් හය දෙනෙකු සමඟ ධීවර කටයුතුවලට පිටත්ව ගොස් තිබූ ‘Thewjan Putha’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු, ධීවර කටයුතු කරමින් සිටියදී පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍යව ඇති අතර, ධීවරයාට ප්‍රතිකාර කිරීමට කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, රෝගීව අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යෙදවීමට කටයුතු කර ඇත.

රෝගී ධීවරයාට මූලික ප්‍රථමාධාර ලබාදෙමින් පෙරේදා (20) කඩිනමින් ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT