රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂ පනස් දහසක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යෑමට තැත් කරමින් සිටි විදේශීය ගුවන් මගියකු පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මොහු 33 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහු පෙරේදා (20) මධ්‍යම රාත්‍රී 11.45ට තායිලන්තයේ බැංකොක්නුවර සිට තායි ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු රැගෙන ආ ගමන් මලුවල තිබූ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 900ක් බරැති ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මේ වනවිට ඉන්දීය ජාතික ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, ලබන 26 වැනි දින දක්වා රඳවා තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු සිදු කරති.