Tuesday, April 8, 2025
Home » 2025 APEX BEST ENTERTAINMENT සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය හිමි කර ගනී

2025 APEX BEST ENTERTAINMENT සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය හිමි කර ගනී

by mahesh
November 22, 2024 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

සිංගප්පූරුවේ පැවැති FTE APEX Asia Expo හි දී මධ්‍යම, දකුණු ආසියා කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා විනෝදාස්වාද සඳහා වූ 2025 Apex Best Entertainment සම්මානය හිමි කරගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත්විය.

ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන්වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මේ APEX සම්මාන සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ලබා දීම සිදු කෙරේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2025 APEX ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් (Four Star Major Airline) ලෙස අඛණ්ඩව අට වැනි වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යෑමට සමත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හි විනෝදාස්වාද අංග (Inflight Entertainment – IFE) නවතම හොලිවුඩ් බ්ලොක්බස්ටර් මෙන්ම ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ අනෙකුත් කලාපීය ජනප්‍රියතම චිත්‍රපටවලින් සමන්විත වේ.

ක්‍රියාදාම, හාස්‍ය, නාට්‍ය, වික්‍රමාන්විත, සජීවිකරණ, ළමා, සංගීතමය, විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රීඩා ඇතුළු විවිධ පරාස ආවරණය වන පරිදි ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් තමන්ගේ රුචිකත්වය අනුව තෝරාගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමි වේ.

මීට අමතරව ජාත්‍යන්තර ජනප්‍රිය ගීතවල සිට දේශීය සම්භාව්‍ය ගීත ඇතුළත් 100කට අධික ගීත ඇල්බම් අතරින් තමන් කැමති සංගීත රසවිඳීමට ද හැකියාව ලැබේ.

මධ්‍යම, දකුණු ආසියාවේ හොඳම මැදිරි සේවාව සහ හොඳම Wi-Fi සඳහා වන 2022 මගී තේරීම් සම්මානය, මධ්‍යම, දකුණු ආසියාවේ හොඳම ආහාර සහ බීම සහ හොඳම ආසන පහසුව සඳහා 2023 APEX මගී තේරීම් සම්මානය, SriLankan Flavours සඳහා 2024 IFSA Best Inflight Food or Beverage Innovation සම්මානය සහ මධ්‍යම, දකුණු ආසියාවේ හොඳම Wi-Fi සඳහා 2024 APEX Passenger Choice සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කරගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT