කොතරම් සම්මාන ලැබුණත් නිහතමානීව රටට හා සමාජයට සේවය කිරීම උතුම් මිනිස් ගුණාංගයක් බව ශ්‍රී රාජකීය පදනමේ ප්‍රධාන අනුශාසක කන්දකැටියේ සුමනරතන නාහිමියෝ ප්‍රකාශ කරති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැති Òලක් උපහාර 2024Ó ගෞරව සම්මාන උලෙළ අමතමිනි. රටට වැඩදායී ලාංකේය පුරවැසියන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී රාජකීය පදනමෙන් මෙය සංවිධාන කෙරිණි.
එහිදී වැඩිදුරටත් අනුශාසනාවක් කළ කන්දකැටියේ සුමනරතන නාහිමියෝ මෙලෙස ද පැවැසූහ.
“මෙවැනි සම්මාන උලෙළක් පැවැත්වීමට අවස්ථාවක් ලැබීම හීනයක්. ශ්‍රී රාජකීය පදනම විසින් මෙය සංවිධාන කර තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය විශාල කැපකිරීමක් කර තිබෙනවා. ගෞරවාදරයට පාත්‍ර වන්නේ නිකම්ම නිකම් පුද්ගලයන් නොවෙයි. සැබෑ සමාජය සේවකයන් ලෙස, වැදගත් ලෙස ජීවත්වන පිරිසක් තෝරාගෙන මේ අවස්ථාව දී තිබෙනවා. ශ්‍රී රාජකීය පදනමේ අධ්යක්ෂ මණ්ඩලය ඉතා නිවැරදිව නිර්දේශ කර තිබෙනවා. මේ අවස්ථාවට විවිධ දිස්ත්‍රික්කවලින් පැමිණ සිටිනවා. ඒ නිසා මේක තමන්ගේ ජීවිතයේ ලැබෙන ඉතා වැදගත් අවස්ථාවක්. තමන්ගේ ප්‍රදේශයට ඉතා වැදගත් සේවාවක්, සමාජයට සේවාවක් කළ පිරිසක් වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමනවා. අපට වරප්‍රසාද ලැබෙන්න ලැබෙන්න නිහතමානීව කටයුතු කළ යුතුයි.
අද ලැබෙන මේ ගෞරව සම්මානය කීර්තිමත් එකක්. එවැනි ආකාරයේ ගෞරව සම්මාන පිරිනමන්න ලෙහෙසියෙන් බෑ. ඒ වෙනුවෙන් විවිධාකාර කරුණු බලපානවා. මේ පදනම රටට ඉතා වැදගත් සේවාවක් කරනවා. එවැන්නක් කරන්නේ ලාභය පරමාර්ථයෙන් නොවෙයි. මේ පිරිස සමාජයේ ඉදිරියට ගෙන ගොස් තව තව සේවාවන් දීම අරමුණ වෙනවා. මේ පදනමේ කාර්ය මණ්ඩලය අසීමිත කැපකිරීමක් කරනවා. පසුගිය කාලයේ විවිධ අවස්ථාවල අපට චෝදනා එල්ල වුණා. නමුත් අපි ඒවාට නොබියව මුහුණ දුන්නා. යම් යම් නිර්ණායක මත අපි ඒ වැඩසටහන කරගෙන යනවා. මුදල් හම්බ කිරීම හේතුවෙන් පසුගිය කාලයේ මෙවැනි ආයතන අටක් වසා දැමුවා. ආගම් භේදයකින් තොරව මේ ආයතනය පවත්වාගෙන යනවා. ජාතික හා ජාත්‍යන්තර තලයේ කීර්තියක් ලබා තිබෙනවා.”
ශ්‍රී රාජකීය පදනමේ සභාපති, මහාචාර්ය චින්තක සමන් කුමාර මහතා
“පසුගිය කාලයේ අපට විවිධ චෝදනා එල්ල වුණා. මගේ සමාජ සුබසාධන කටයුතු 2012 වසරේ සිට ආරම්භ කර තිබෙනවා. අපි රට පුරා විවිධ පාඨමාලා පවත්වනවා. අපි මේ රටේ ශක්තිමත් මිනිසුන් පිරිසක් බිහි කළ යුතුයි. ගෞරව සම්මාන පිරිනමන 15 වැනි උත්සවය මෙයයි. මේ රටේ සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා අවස්ථා දෙන්න පියවර ගන්නවා. නමුත් අපේ මිනිසුන්ගේ ආකල්පවල ගැටලු තිබෙනවා. මොනතරම් චෝදනා ආවත් අපි ඉදිරියට යනවා. දැනට පෙර පාසල් දෙකක් අපි පවත්වාගෙන යනවා. එහි ළමයින් 100ක් පමණ ඉගෙන ගන්නවා. ලබන ජනවාරි මාසය පමණ වන විට තවත් පෙර පාසල් තුනක් පමණ අපේ යටතට ගන්නවා. අපි අපේ රට ගොඩගන්න පියවර ගත යුතුයි.”
ශ්‍රී රාජකීය පදනමේ ලේකම් කාවින්ද්‍යා පිටිගල, භාණ්ඩාගාරික ඇන්ඩ්‍රෘ නිරෝෂන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.