Monday, April 21, 2025
Home » ට්‍රම්ප්ගේ දීර්ඝකාලීන ‘යෙහෙළිය’ නීතිපති ලෙස පත් කරයි

ට්‍රම්ප්ගේ දීර්ඝකාලීන ‘යෙහෙළිය’ නීතිපති ලෙස පත් කරයි

by chanaka
November 22, 2024 2:47 pm 0 comment

අැමරිකානු අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි රජයේ නව නීතිපතිවරිය ලෙස ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන මිතුරුකම් සහිත නීතිඥවරියක වන පෑම් බොන්ඩි පත් කර ඇත.

නීතිපති ධූරය සඳහා මැට් ගේට්ස් සිය නම ඉවත් කර ගැනීමෙන් පසු ට්‍රම්ප් මෙම පත්කිරීම යෝජනා කළේය.

බොන්ඩි මහත්මිය මින් ඉහත ෆ්ලොරිඩා හි නීතිපති ලෙසද සේවය කර ඇති අතර ට්‍රම්ප්‍ගේ පළමු සෙනෙට් දෝෂාභියෝග නඩුවේදී ඔහුගේ නීති කණ්ඩායමේ ද සිටියාය. ට්‍රම්ප්ගේ නිව්යෝක් හි මුදල් ගෙවීමේ නඩුව අතරතුර උසාවියට පැමිණ ඔහුට ප්‍රසිද්ධියේ සහය දැක්වූයේද ඇයයි.

පෑම් බොන්ඩි වසර 20 ක් පමණ නීතිපතිවරියක ලෙස කටයුතු කර තිබෙන බවත්, එහිදී ඇය ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට එරෙහිව දැඩි ලෙස කටයුතු කර ෆ්ලොරිඩා පවුල් වල ආරක්ෂාව තහවුරු කළ බවත් ට්‍රම්ප් සිය තේරීම නිවේදනය කරමින් සමාජ මාධ්‍ය පණිවිඩයක සඳහන් කළේය.

2016 වසරේ සිට ට්රම්ප් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පෑම් බොන්ඩි, මෑත ට්‍රම්ප් රැලියකදී ඇය ඔහුව “මිතුරෙකු” ලෙස සලකන බව ඡන්ද දායකයින්ට පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT