Home » යුරෝපය ‘එකම චීනය මූලධර්මය‘ අනුගමනය කළ යුතු බවට ප්‍රකාශයක්

යුරෝපය ‘එකම චීනය මූලධර්මය‘ අනුගමනය කළ යුතු බවට ප්‍රකාශයක්

by chanaka
November 22, 2024 12:50 pm 0 comment

චීන තායිවාන විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යුරෝපයේ අයුතු සංචාරයක නිරත වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා 20 වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

තායිවාන ප්‍රශ්නය, චීන ප්‍රතිලාභයන්හි හරය බව පැවසූ Lin Jian මහතා කියා සිටියේ එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ පොදු එකඟතාව මෙන්ම චීන යුරෝපා සබඳතාවේ දේශපාලන පදනම බවට පත් වන බවයි. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් තායිවානය සමග කිසිදු ආකාරයක නිල හුවමාරුවක් හෝ ක්‍රියාකාරකමක් සිදු කරයි නම් චීනය එයට දැඩි ලෙස විරුද්ධ වේ.

එකම චීනය මූලධර්මය යුරෝපය අනුගමනය කළ යුතු අතර තායිවානය සමග කිසිදු ආකාරයේ නිල සබඳතාවක් පවත්වා ගැනීම හා තායිවාන බෙදුම්වාදීන්ට වැරදි පණිවුඩ යොමු කිරීම වහාම නතර කළ යුතු බව Lin Jian මහතා අවධාරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT