Home » 2024 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුව ඇරඹෙයි

2024 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුව ඇරඹෙයි

by chanaka
November 22, 2024 12:49 pm 0 comment

2024 ලෝක අන්තර්ජාල සම්මේලනය (WIC) 20 වැනිදා නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Wuzhen හි පෞරාණික ජල නගරයේදී ආරම්භ විය.

“AI ජනතා කේන්ද්‍රීය සහ යහපත් ඩිජිටල් අනාගතයක් සඳහා යොදා ගනිමින් සයිබර් අවකාශයේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාවෙන් Wuzhen සමුළුව පැවැත්වේ. ගෝලීය සංවර්ධන මුලපිරුම, ඩිජිටල් ආර්ථිකය සහ කෘතිම බුද්ධි තාක්ෂණ පාලනය වැනි තේමාවලට අදාළ උප සංසද 24 ක් ද මීට සමගාමීව සංවිධාන කර ඇත.

සම්මේලනයේ සමාරම්භක අවස්ථාවේ වීඩියෝ ආකාරයෙන් සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Li Junhua මහතා පැවසුවේ වර්තමානයේ AI ඉතා වේගයෙන් පරිවර්තනීය වෙනසක් සිදු කරමින් සිටින බවයි. ගෝලීය අවශ්‍යතා සහ ඉදිරි ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම සඳහා එහි හැකියාවන් ඵලදායී ලෙස භාවිත ‍කළ හැක්කේ මෙම තාක්ෂණය මානව කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළ යොදා ගත් විට බව ද හෙතෙම පැවසීය.

සමාරම්භක උත්සවයේදී ගෝලීය අන්තර්ජාල ක්ෂේත්‍රය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් සහ ව්‍යවසායන් අගයමින් සම්මාන පිරිනැමිණ. ලෝක අන්තර්ජාල සම්මේලනය යටතේ, AI පිළිබඳ විශේෂ කමිටුවක් පිහිටුවීම, බුද්ධි මණ්ඩල සහයෝගීතා වැඩසටහනක් දියත් කිරීම සහ ජාත්‍යන්තර ඩිජිටල් පුහුණු ආයතනයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

Wuzhen සමුළුව එළඹෙන 22 වනදා අවසන් වීමට නියමිත ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT