Home » ගෞතම් අදානිට අමෙරිකාවෙන් වරෙන්තු
අල්ලස් ගනුදෙනුවකට චෝදනා එල්ල වූ

ගෞතම් අදානිට අමෙරිකාවෙන් වරෙන්තු

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදානිට වරෙන්තු නිකුත් කර ඇත්තේ සූර්ය බලශක්ති සැපැයුම් කොන්ත්‍රාත්තුවක් සිය සමාගමකට ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 265ක අල්ලසක් දීමට යෝජනා කිරීමේ සිදුවීමකට අදාළව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නියෝජ්‍ය සහකාර නීති අධ්‍යක්ෂිකාව ලීසා මිලර් විසින් එම අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පැය කිහිපයකට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් අතර දෙවැනි ස්ථානයේ සහ ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් අතර 22 වැනි ස්ථානයේ පසුවන ගෞතම් අදානිටත්, ඔහුගේ බෑනනුවන් වන සාගර් අදානි ඇතුළු 7 දෙනකුට එම චෝදනා එල්ල වී ඇති අතර, එම අල්ලස් මුදල යෝජනා කර ඇත්තේ අදානිට අයත් පුනර්ජනනීය බලශක්ති සමාගමකට වසර 20ක කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම මගින් අමෙරිකානු ඩොලර් බිලියන 2ක ලාභයක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් බව ද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මේ චෝදනාව අදානි සමූහ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කර ඇති අතර, එම චෝදනා පදනම් විරහිත බවත්, ඊට එරෙහිව හැකි සෑම අයුරකින්ම නීතියේ පිහිට පතන බවත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT