Home » හමාස් නායකයෝ කටාර් රාජ්‍යයෙන් ඉවත් වෙති

හමාස් නායකයෝ කටාර් රාජ්‍යයෙන් ඉවත් වෙති

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා දිගු කාලයක සිට මැදිහත් රටක් ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය එම උත්සාහයන් අත්හිටුවීමට පියවර ගැනීමෙන් පසු තවදුරටත් එරට හමාස් සංවිධානයට කිසිදු කාර්යභාරයක් නොමැති බවත්, හමාස් සංවිධානයේ කාර්යාලය මෙහෙයුම් සිදු නොවන බවත් කටාර් රාජ්‍යයේ හා පලස්තීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කටාර් රාජ්‍ය ගාසා තීරයේ සාම මැදිහත්වීමෙන් ඉවත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර, මේ වන විට එරට කිසිදු හමාස් සාමාජිකයකු නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් වසර 2012 සිට කටාර් රාජ්‍යයේ ක්‍රියාත්මක වූ හමාස් සංවිධාන කාර්යාලය අත්හිටුවීම තාවකාලිකව සිදුවීමක් බවත්, එය ස්ථීරව වසා දමා නැති බවත් කටාර් හා පලස්තීන ජ්‍යෙෂ්ඨ නිලධාරියා තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. අමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමත් සමඟ ඔහුගේ පරිපාලනය සහ මැදපෙරදිග කලාපය අතර මතභේද සිදුවීම වළක්වා ගැනීම සඳහා කටාර් රාජ්‍ය ප්‍රවේශම්සහගත වී සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT