Home » බයිඩ්න් – ෂී ජින්පින් අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී

බයිඩ්න් – ෂී ජින්පින් අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී

by mahesh
November 22, 2024 1:00 am 0 comment

අමෙරිකාවේ ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් සහ චීන ජනපති ෂී ජින්පින් අතර අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක නායකයන් ලෙස දෙදෙනාගේ අවසන් හමුව සිදුවී ඇත්තේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පැවැති ආසියානු පැසිෆික් ආර්ථික සහයෝගිතා වාර්ෂික සමුළුවේදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ජෝ බයිඩ්න්ගේ ධුර කාලයේදී බරපතළ ලෙස බිඳවැටුණු දෙරට අතර සබඳතාව නව ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ නැවත පිළිසකර කරගැනීමට චීන ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද, ඔහු මේ පිළිබඳ ජෝ බයිඩ්න්ට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

චීනය සහ අමෙරිකාව අතර පවතින සබඳතාව ගෝලීය වශයෙන් වඩාත් වැදගත් වන අතර, එය නිවැරැදිව කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ගෝලීය වශයෙන් බලපෑම් එල්ල වනු ඇති බැවින් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට චීනය සූදානම් බව ෂී ජින්පින් එම හමුවේදී ජෝ බයිඩ්න්ට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT