Home » සුඛෝපභෝගී මෝටර් රථයක් බත්තරමුල්ලේදී ගිනි ගනී

සුඛෝපභෝගී මෝටර් රථයක් බත්තරමුල්ලේදී ගිනි ගනී

by yasara
November 22, 2024 1:27 pm 0 comment

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

බත්තරමුල්ල දෙස සිට කොස්වත්ත දෙසට අද  (22) දඋදෑසන  ධාවනය වූ මෙම මෝටර් රථයේ ඉදිරිපසින් කිසියම් දුමක් පිටව ඇති අතර පසුව එය ගින්නක් දක්වා වර්ධනය වී තිබේ.

පසුව එම රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වීම නිසා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයට දන්වා තිබේ.

ඒ අනුව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ කාර්ය භාර නිලධාරී ජී.ඩී.බී.පි. ගලගෙදර මහතා ඇතුළු නිළධාරී කණ්ඩායමක් ගිනි නිවීමේ රථ දෙකක් සමග එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවූ බව එම ඒකකය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් වාහනයට හානි  සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT