Home » රුහුණු සරසවියේ වර්ජනය තවදුරටත්

රුහුණු සරසවියේ වර්ජනය තවදුරටත්

by chanaka
November 22, 2024 12:54 pm 0 comment

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 19වැනිදාය.

කෙසේවෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් එක්වී පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තාවකාලිකව හෝ එම ධුරයෙන් ඉවත්කරන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කලේය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයද ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංකේතාත්මක ස්‍යග්‍රහයක නිරතවෙමින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විරෝධතාවයක නිරත විය.

පසුව ඔවුන් අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවැත්වීය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT