Monday, April 21, 2025
Home » පිල්ලෙයාන් අදත් CID එයි

පිල්ලෙයාන් අදත් CID එයි

by yasara
November 22, 2024 11:14 am 0 comment

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙයි.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමටය.

පෙරේද දිනයේද ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 05කට ආසන්න කාලයකින් පසුව ඉන් පිටව ගොස් තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT