Home » ජනතා මණ්ඩපය

ජනතා මණ්ඩපය

by Gayan Abeykoon
November 21, 2024 1:01 am 0 comment

පල්ලෙ­බැ­ද්දට අනු­මත වූ පොලී­සි­යට මොකද වුණේ?

රටේත්, ජන­තා­ව­ගේත්, ආර­ක්ෂා­වට නීතියේ සාමයේ පැවැ­ත්මට ප්‍රමු­ඛ­ත්වය දීම නව ජනා­ධි­ප­ති­තු­මන් ඇතුළු රජයේ පාල­න­ත­න්ත්‍ර­යෙන් සිදු­විය යුතු මහත් මෙහෙ­ව­රකි. එය ජන­තා­ව­ගේද අපේ­ක්ෂා­වයි. ප්‍රදේ­ශයේ විශාල ජන­තා­ව­කට අත්‍ය­වශ්‍ය වූ වැද­ගත්  සුවි­ශේෂ වූ සේවා­වක්, අප­හ­සු­තා­ව­ලින්  තොර කාර්ය­ක්ෂම සේවා­වක් සඳහා වසර 3කට පමණ පෙර පල්ලෙ­බැද්ද නමින් පොලිස් ස්ථාන­යක් පිහි­ටු­වී­මට අනු­මත වී ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ පවා වෙන් කරන ලදි. මේ වැද­ගත් අව­ශ්‍ය­තාව අත්‍ය­වශ්‍ය කරු­ණක් බවට මහා සංඝ­ර­ත්නය හා ප්‍රභූ­වරු, විවිධ සමිති සමා­ගම් හා ජන­තාව විසින් නිර­න්ත­ර­යෙන්ම අදාළ වග­කිව යුත්තන්ගේ අව­ධා­නය යොමු කළේ ප්‍රදේ­ශයේ පව­තින අප­රාධ, මිනී­මැ­රුම්, විවිධ නීති විරෝධි ජාවා­රම්, මත්ද්‍රව්‍ය ජාවා­රම් වැනි දූෂිත ක්‍රියා වර්ධ­න­ය­වීම නිසා­වෙනි.

එමෙන්ම අනු­මත වූ මෙම පොලිස් ස්ථානය කොස්වැ­ටිය ප්‍රදේ­ශය කේන්ද්‍ර කර ගනි­මින් ඒ ආස­න්න­යෙන්ම පිහි­ටු­වන ලෙසට ද කරුණු කාරණා පැහැ­දි­ලි­වම සාක්ෂි සහිත ව පෙන්වා දෙන ලදි.

ප්‍රධාන වශ­යෙන්ම මේ ජන­තා­වට පොලී­සි­යක අව­ශ්‍ය­තා­වක් වෙනු­වෙන් උඩ­ව­ලව හා ගොඩ­ක­වෙල පොලිස් ස්ථාන­ව­ලට විශාල දුරක් ගෙවා යාමත් මධ්‍යස්ථ ප්‍රදේ­ශය කොස්වැ­ටිය ප්‍රදේ­ශය බවත් අප­හ­සු­තා­ව­ලින් තොර කාර්ය­ක්ෂම සේව­යක් අතුරු ගම්මාන රැසක දුගී දුප්පත් ජන­තා­වගේ පහ­සු­වත් ප්‍රදේ­ශයේ පව­තින වාතා­ව­ර­ණ­යත් හේතු­කොට ගෙන ඉල්ලීම් කරන ලදි. නමුත් මෙම මහ­ජන අව­ශ්‍ය­තාව ඉටු කිරී­මට වඩා ඉටු නොකි­රී­මට කරුණු කාරණා, පුහු තර්ක ඉදි­රි­පත් කර­මින් කට­යුතු කිරීම නිසා නීති­යට, සාම­යට, ආර­ක්ෂා­වට , ජන­තා­වට සිදු­වන ඉම­හත් සේවා­වට අභා­ග්‍ය­ස­ම්පන්න තත්ත්ව­යක් උදා­වීම ජන­තා­වගේ කල­කි­රී­මට හේතු­වකි. මේ සඳහා පෞද්ග­ලික ගොඩ­නැ­ඟිලි සොය­මින් සිටින අව­ස්ථාවේ ඒ සඳහා වැය­වන මුදල වළ­ක්වා­ලී­මට අප විසින් රජ­යට අයත් ගොඩ­නැ­ඟිල්ල සහිත ඉඩ­මක් පෙන්වා දුන්න ද එය නොස­ලකා හැරීම කන­ගා­ටු­වට කරු­ණකි.

මේ ඉඩම හා ගොඩ­නැ­ඟිල්ල එක්තරා ආය­ත­න­ය­කට අයත්ව තිබුණ ද කාලා­න්ත­ර­යක් තිස්සේ වසා දමා වල් බිහි වී තිබූ රජ­යට අයත් ස්ථාන­යකි. මෙයින් ජන­තා­වට කිසිදු වැද­ගත් සේවා­වක් මහ­ජන අව­ශ්‍ය­තා­වක් මේ වන විටත් ඉටු නොවන බවත් විවිධ තර්ක අසත්‍ය කරුණු  කාරණා දක්ව­මින් වැද­ගත් ජනතා සේවා­වක් ඉටු­වීම නොස­ලකා හැර ඇත. ඒ සඳහා වග­කිව යුතු තන­තු­රු­ව­ලින් අසත්‍ය ප්‍රකාශ කිරීම ද කර ඇත. මෙම ඉඩමේ හා ගොඩ­නැ­ඟිල්ලේ අයි­තිය අදාළ ආය­ත­න­යට අයත් නොවන බව අනා­ව­ර­ණය වන බව ද වග­කිව යුතු තන­තු­රු­ව­ලින් සනාථ කර ඇත. එමෙන්ම කහ­වත්ත පැල්ම­ඩුල්ල පොලිස් ස්ථාන පිහි­ටී­මත් එහි නගර පිහි­ටී­මත් සල­කන විට පල්ලෙ­බැද්ද නමින් අනු­මත වූ පොලිස් ස්ථානය කොස්වැ­ටිය ප්‍රදේ­ශයේ පිහි­ටු­වීම නුසු­දුසු ද යන්න විම­සිය යුත්තකි.

නව රජය ආර්ථි­කය ගොඩ­න­ඟ­මින් ජනතා සේවා­වන් වෙනු­වෙන් අති­ම­හත් වූ කැප­වී­මෙන් කට­යුතු කරන නව ජනා­ධි­ප­ති­තු­මනි, අදාළ අමා­ත්‍ය­තු­මනි, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ හා පොලි­සිය භාර අමා­ත්‍යාං­ශයේ නව ලේක­ම්තු­මනි, පොලි­ස්ප­ති­තු­මනි, අපගේ ඉල්ලීම ඉටු කර දී කාර්ය­ක්ෂම ජනතා සේවා­වක් ඉටු කර දෙන්න. ආර­ක්ෂා­වට මුල් තැන දෙන්න.  ජනා­ධි­ප­ති­තුමා ඇතුළු නව රජයේ ප්‍රභූ­ව­රුනි ඔබ සැමට සුබ ගමන්, (අර­ඹමු නව පුන­රු­ද­යක්)

ඩබ්.ඒ.සිරි­පාල

කොස්වැ­ටිය, පල්ලෙ­බැද්ද

 

සරණ පාර ජෝ නමින් නම් කරමු

සිංහල සින­මාවේ දැවැ­න්ත­යකු වූ ජෝ අබේ­වි­ක්‍රම  මහ­තාගේ නමට ගෞර­ව­යක් ලෙස කොළඹ හත පිහිටි  සරණ පාර ජෝ අබේ­වි­ක්‍රම මාවත ලෙස නම් කරන ලෙස කොළඹ මහ නගර සභා­වට ඉදි­රි­පත්ව එය ස්ථිර වුවද ඒ යෝජ­නාව මෙතෙක් ක්‍රියා­ත්මක වී නැත.

කොළඹ හිටපු නග­රා­ධි­පති රෝසි සේනා­නා­යක මහ­ත්මිය විසින් යෝජනා කළ මෙම යෝජ­නාව හිටපු ආණ්ඩු පක්ෂ  සංවි­ධා­යක ටයි­ටස් පෙරේරා මහතා විසින්  ස්ථිර කර  දැන් බො‍හෝ කල්ය. එහෙත්  දැන් බො‍හෝ කල් ගතව ඇතත් එම යෝජ­නාව ක්‍රියා­ත්මක කර නැත.  ඒ නිසා අප ඉල්ලා සිටින්නේ සිනමා දැවැ­න්ත­යාට ගරු කිරී­මක් ලෙස සරණ මාවත ජෝ අබේ­වි­ක්‍රම මාවත ලෙස නම් කරන්නේ නම් එය මෙරට  සමස්ත කලා­ව­ටම කරනු ලබන ගරු­ත්ව­යකි.

ආරි­ය­රත්න ගණේ­ගොඩ

මැද කොළඹ

 

මැති­ස­බ­යට සුබ පැතුම්

ඝන අන්ධ­කා­ර­යට ආලෝ­ක­යක් මෙන් 2024.11.15 දිනට යෙදුණු පුර­ප­ස­ළො­ස්වක පොහොය (ඉල්මස) උදා­වූයේ පෙර දින රාත්‍රී අඹ­රෙහි පායන ලද සෞම්‍ය වූ සඳ කිරණ සම­ඟිනි. එය වූ කලී ස්වර්ණ­මය කාල­ප­රි­ච්ඡේ­ද­යකි. පෙර­ළුණු පොතෙහි රන් පිටු­වක් උදා­ක­ර­ලී­මට. එනම් දස­වැනි පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යෙන් තුනෙන් දෙකක අති­වි­ශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­මින් ජාතික ජන බල­වේ­ගය (මාලි­මාව) රජ­යක් පිහි­ටු­වීම.

දශක හතක් පුරා­වට වල්වැදී මජ­රව දූෂි­තව විනාශ වී සෞඛ්‍ය, අධ්‍යා­ප­නය, සංස්කෘ­තිය හා ආර්ථි­කය යන අංශ­යන් ප්‍රධා­නව සෙසු ප්‍රභේ­ද­යන් ආදා­හ­නය වී, භූමි­දා­නය වී තිබුණු ඛේද­ජ­නක පැකේ­ජ­ය­කට ජීවය පණ­පො­ව­මින් ඊට යථා­ර්ථ­යක් , අරු­තක් මුසු කර­මින් ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකා­ද්වී­පය කිරීමේ සැබෑ­වූත් අව්‍යා­ජව අවං­කව වැටී තිබූ රට වැනසී යමින් සිටින ජන­තාව ඉන් මුදා ගැනීමේ ශ්‍රේෂ්ඨ කර්ත­ව්‍යය වෙත ප්‍රවි­ෂ්ටව සිටින පසු­ගි­යදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ලෝක වාර්තා­වක් තබ­මින් තිදෙ­න­කු­ගෙන් යුතු අමාත්‍ය මණ්ඩ­ල­යක් ඉතා අපූ­රු­වට ඉටු කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, විජිත හේරත් යන මැති­තු­මන්ලා සහ ආචාර්ය හරිනි අම­ර­සූ­රිය අග්‍රා­මා­ත්‍ය­තු­මිය ප්‍රධා­නව ජාතික ජන බල­වේග රජ­යෙහි අභි­නව පාර්ලි­මේ­න්තුව වෙත පත් වූ විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්, මහා­චා­ර්ය­ව­රුන්, නීති‍වේ­දීන්, ගුරු­ව­රුන්, ඉංජි­නේ­රු­ව­රුන්, මිනි­න්දෝ­රු­ව­රුන්, මාධ්‍ය­වේ­දීන්, ත්‍රිවිධ හමු­දාවේ උසස් නිල­ධා­රින් යන පළ­පු­රුදු දක්ෂ­යින් හට, සුබ ප්‍රාර්ථනා ගෙන එන්නෙමි.  2024.11.21 වැනි දින බ්‍රහ­ස්ප­තින්දා සුබ නැක­තට අභි­නව පාර්ලි‍මේ­න්තු­වෙහි පව­ත්වනු ලබන ප්‍රථම වූත් නව සැසි­වා­රය අර­බයා

සරත් ලිය­නගේ

රන්මු­තු­ගල

 

පස්ගොඩ සභා­වට මල්මි­ටක්

පස්ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශ­යට අයත් පස්ගොඩ රොටුඹ පාරේ සිට පොතු­හැ­ල්ගොඩ හරහා ආද­ලුව දක්වා වන මාර්ගය ප්‍රදේ­ශයේ ජන­තා­වගේ සියලු ප්‍රවා­හන අව­ශ්‍යතා ඉටු­ක­රන මාර්ග­යකි.

විශේ­ෂ­යෙන් ප්‍රදේ­ශයේ කුඩා තේ වතු හිමි­යන්ගේ අමු තේ දලු ප්‍රවා­හ­න­ය­ටත් රොටුඹ පාරේ සිට මාව­රල ප්‍රධාන මාර්ග­යට පි‍විසෙන කෙටි මාර්ග­යක් ලෙසද විශාල පිරි­සක් මෙම මාර්ගය ප්‍රයෝ­ජ­න­යට ගනිති. පසු­ගිය වසර කිහි­ප­යක් තිස්සේ මෙම මාර්ගයේ සංව­ර්ධන කට­යුතු සිදු නොවීම නිසා වාහන ගම­නා­ග­ම­න­යට මෙන්ම පාග­ම­නින් යාමද දුෂ්කර වී පැව­තුණි.

ප්‍රදේ­ශයේ මාර්ග සංව­ර්ධ­නය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියා­ත්මක වුවත් මෙම මාර්ගයේ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව දිස්ත්‍රි­ක්කයේ පක්ෂ, විපක්ෂ සියලු දේශ­පා­ල­න­ඥ­යන් වෙත ඉල්ලීම් කළත් ඉන් කිසිදු පලක් නොවීම කන­ගා­ටු­වට කරු­ණකි. මේ පිළි­බ­ඳව පස්ගොඩ ප්‍රාදේ­ශීය සභාවේ ලේක­ම්තු­මිය වෙත කරන ලද ඉල්ලී­ම­කට අනුව මාර්ගයේ දැඩි‍ලෙස අබ­ලන් වී පැවති කොටස් කිහි­ප­යක් පසු­ගි­යදා ඉන්ට­ර්ලොක් ගල්අ­තුරා සංව­ර්ධ­නය කර­දී­මට කට­යුතු කර තිබුණි.

මේ පිළි­බ­ඳව ප්‍රදේ­ශ­වාසී ජන­තා­වගේ ගෞර­වය සහ ස්තුතිය මේ සඳහා මැදි­හත් වූ පස්ගොඩ ප්‍රාදේ­ශීය සභාවේ ලේක­ම්තු­මිය ඇතුළු නිල­ධාරි මණ්ඩ­ල­යට පිරි­න­මමු.

සෝම­දාස කන්දගේ

මාතර

 

පාරි­භෝ­ගික හැසි­රීම ගැන අද­හ­සක්

වෙළෙ­ඳ­පොළ සම­න්විත වන්නේ නිෂ්පා­ද­කයා, වෙළෙන්දා සහ පාරි­භෝ­ගි­කයා යන සාධක ත්‍රිත්වයේ සංක­ල­න­යක් ලෙසයි. බොහෝ විට පාරි­භෝ­ගි­කයා වෙළෙ­ඳ­පොළේ ප්‍රධා­න­තම සාධ­කය වේ. මිශ්‍ර ආර්ථි­ක­යක් ඇති ශ්‍රී ලංකාව තුළ පාරි­භෝ­ගි­කයා ආරක්ෂා කිරී­මට බො‍හෝ නීති­රීති පනවා ඇත. ගෝලීය වෙළෙ­ඳ­පොළ තුළද පාරි­භෝ­ගික ආර­ක්ෂණ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක වේ. එයින් පෙන්නුම් කරන්නේ වෙළෙ­ඳ‍පළේ ක්‍රියා­කා­රි­ත්ව­යට පාරි­භෝ­ගි­කයා අත්‍ය­වශ්‍ය සාධ­ක­යක් ලෙසයි.

වෙළෙ­ඳ­පොළ තුළ පාරි­භෝ­ගි­ක­යන් විවිධ වූ හැසි­රීම් රටා පෙන්වයි.  එම හැසි­රීම් ව්‍යාපා­ර­යක වර්ත­මාන සහ අනා­ගත තත්ත්ව­ය­න්ව­ලදී තීරණ ගැනී­මට උප­කාරී වේ.

පාරි­භෝ­ගික හැසි­රීම් සඳහා ඒ ඒ පාරි­භෝ­ගි­ක­යාගේ පෞද්ග­ලික, මාන­සික, සාමා­ජ­යීය සහ සංස්කෘ­තික සාධක බල­පායි.  මෙම සාධක පාරි­භෝ­ගික හැසි­රීම ගැන අද­හ­සක් ගැනී­මට උප­කාරී වුවද ඒවා පාල­නය කිරී­මට අප­හසු වේ.

පාරි­භෝ­ගික හැසි­රීම අධ්‍ය­ය­නය කිරීම සහ ඔවුන් ක්‍රියා­ක­රන්නේ කෙසේද යන්න තීර­ණය කළ හැකිය. ඒ අනුව අලෙ­වි­ක­රු­වන්ට වෙළෙ­ඳ­පොළ තුළ වඩාත් ඵල­දා­යී­වී­මට පාරි­භෝ­ගික හැසි­රීම උප­කාරී වේ. අලෙ­වි­ක­ර­ණය තුළ පද­නම වන්නේ උසස් වටි­නා­ක­මක් ලබා දෙමින් නව ගනු­දෙ­නු­ක­රු­වන් ආක­ර්ෂ­ණය කර­ගැ­නීම සහ තෘප්ති­යක් ලබා දෙමින් වත්මන් ගනු­දෙ­නු­ක­රු­වන් තබා ගැනී­මයි. පාරි­භෝ­ගික හැසි­රීම පිළි­බ­ඳව කොට්ලර් සහ කෙලර් යන පර්යේ­ෂ­ක­යන් පවසා ඇත්තේ “පාරි­භෝ­ගික හැසි­රීම යනු පාරි­භෝ­ගි­ක­යන්ගේ තීරණ ගැනීමේ ක්‍රියා­ව­ලිය සහ ආදාන – ප්‍රති­දාන ක්‍රියා­ව­ලි­යයි”

පාරි­භෝ­ගික හැසි­රීමේ අනා­ග­තය තාක්ෂ­ණය මඟින් නිර්මා­ණය වේ. මේ දින­වල තාක්ෂ­ණය ඩිජි­ටල් අව­කා­ශය යනු නව පර­ම්ප­රා­වට වඩාත්ම සමී­ප­තම වේදි­කා­වයි. අන්ත­ර්ජාල වෙ‍ළෙඳාම තුළ පාරි­භෝ­ගි­ක­යන්ට තමන්ගේ අද­හස්, අත්දැ­කීම් බෙදා­ගැ­නී­මට හා වඩාත් ප්‍රශස්ත නිෂ්පා­දන සොයා­ගැ­නී­මට විවෘත ඉඩ­ක­ඩක් පවතී.

අව­සන් වශ­යෙන් පාරි­භෝ­ගි­කයා යනු වෙළෙ­ඳ­පළේ වඩාත් ප්‍රබ­ල­තම සාධ­කය වන අතර, ඔවුන්ගේ හැසි­රීම සහ එම හැසි­රීම් අධ්‍ය­ය­නය කිරී­මෙන් අලෙ­වි­ක­රු­වන්ට වඩාත් සාර්ථක වීමට හා තර­ග­කාරි වෙළෙ­ඳ­පො­ළට සහ­භා­ගි­වී­මට හැකිවේ. තවද පාරි­භෝ­ගික හැසි­රීම වාණිජ වෙළෙ­ඳ­පළ තුළ වඩාත් කාර්ය­ක්ෂම හා සාර්ථක වාණිජ මෙව­ල­මක් යැයි කිව හැකිය.

තරු­ෂිකා රසාං­ජලී,

වාණිජ හා කළ­ම­නා­ක­රණ පීඨය,

නැ‍ඟෙන­හිර විශ්ව­වි­ද්‍යා­ලය.

 

අහං­ගම අව­න­ඩු­වක්                       

පසු­ගිය රජයේ වග­කිව යුතු බල­ධා­රීන් පිරි­සක්  ගත්  අත්ත­නෝ­ම­තික තීර­ණ­යක් මත අහං­ගම ප්‍රදේ­ශයේ ජාතික මට්ටමේ  පාසල් භුමියේ  බාහිර අයෙකු අන­ව­ස­ර­යෙන් ගොඩ­නැ­ඟිල්ලක්  ඉදි­කරගෙන යන බව, ප්‍රදේ­ශ­වා­සීහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය පිළි­බ­ඳව එව­කට පැවැති රජයේ බල­ධාරීන්ට කීවද, සාධා­රණ විස­ඳුමක් ලැබී නැත. ඉදි­කි­රීම නවතාලීමට ඔවූහූ අස­මත්වී ඇත. මොවුන් එකි­නෙ­කාට බෝලය පාස්  කර­මින් ස්වකීය වග­කීමි යුතු­කමි පැහැර හැර ඇති  බව, ආරංචිමාර්ගවලින් සනාථ  වන්නේය.

මෙම, අසා­ධා­ර­ණ­යට සාධා­රණ විස­ඳු­මක් ලබාදෙන මෙන්  ජන­තාව ඉල්ලා සිටිති. නව රජයේ වග­කිව යුතු අදාළ බල­ධාරී මහ­තුන්ගේ අව­ධා­නය නොප­මාව යොමු විය යුතුය.

අනුර ද සිල්වා –  මාතර                     

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT