Home » කැර­ම්බෝඩ් නඩුව: නීති­ප­ති­ව­ර­යාට සිහි කැඳ­වීමට නියෝග

කැර­ම්බෝඩ් නඩුව: නීති­ප­ති­ව­ර­යාට සිහි කැඳ­වීමට නියෝග

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ රුපි­යල් මිලි­යන 39කට අධික මුද­ලක් 2015 වස­රේදී අව­භා­විත කළ බවට එව­කට වෙළෙඳ අමා­ත්‍ය­ව­ර­යාව සිටි මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහ­තාට එරෙ­හිව පවරා ඇති නඩු­වල නීති­පති උප­දෙස් සඳහා ලබන අප්‍රේල් මස 23දා කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (20) නියෝග කළාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව විවෘත අධි­ක­ර­ණ­යේදී කැඳවූ අව­ස්ථා­වේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් නීති­පති උප­දෙස් මෙතෙක් ලැබී නැතැයි අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව නීති­ප­ති­ව­ර­යාට සිහි කැඳ­වී­මක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය නඩුව ඉදිරි දින දක්වා කල් තබන ලෙසද නියෝග කළාය.

පොලිස් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය මෙම නඩුව වසර 2015 දී පවරා ඇති අතර නඩුවේ තවත් විත්ති­ක­රු­වෙක් වන මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා, ඇතුළු තිදෙනා අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහ­සක් සහ දාම් බෝඩ් දහ­සක් මිල­දී­ගෙන ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ ශාඛා කාර්යා­ල­ව­ලට ක්‍රීඩා උප­ක­රණ ලබා දී ඇති බවට මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, හිටපු සතොස සභා­පති කර්මාන්ත ඇමැති නලින් රුව­න්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂ­ජිත් යන අයට මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය චෝදනා ගොනු කර තිබිණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කර ඉදිරි නඩු දින අධි­ක­ර­ණ­යට වාර්තා කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­ස­යට නියෝග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT